දේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා බදු සහන යළිත්

 දේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා බදු සහන යළිත්

දේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දී තිබී පසුව අවලංගු කෙරුණු බදු සහන යළිත් ලබාදීමට රජය තීරණය කර තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජය සමයේ දේශීය සිනමා කර්මාන්තය වෙනුවෙන් ලබාදී තිබී;

යහපාලන රජය සමයේදී අහෝසි කළ බදු සහන යළි ලබාදීම මේ යටතේ සිදුකෙරේ.

සබැඳි පුවතක් : දේශීය සිනමා කර්මාන්තය රැකගැනීමට දෙවසරක වැඩපිළිවෙලක්

සිනමා කර්මාන්තයේ නියැලි වෘත්තිකයන් ඉකුත් 8 වැනිදා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී කළ සාකච්ඡාවේදී ගත් තීරණවලට අනුව;

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල සහ බුද්ධශාසන ආගමික හා  සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරුන් මුදල් අමාත්‍යාංශයේ දී අද (14) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණ ගෙන ඇත.

ඒ අනුව චිත්‍රපට නිෂ්පාදනය සහ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා භාවිතා කරන උපකරණ ආනයනය කිරීමේදී තීරු බදු සහන ලැබෙන අතර;

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේදී වැය කරන මුදලට සහ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන ආදායමට බදු සහනදීම සම්බන්ධව ද මෙම සාකච්ඡාවේදී සළකා බලා තිබේ.

චිත්‍රපට සංස්ථාවේ අනුමැතියට යටත්ව මෙම බදු සහන ක්‍රියාත්මක වේ.

ඒ අනුව දේශීය සිනමාකරුවන්ට සහ චිත්‍රපට නිෂ්පාදකවරුන් ඇතුළු ක්ෂේත්රවයට සම්බන්ධ සියලු වෘත්තිකයන්ට චිත්‍රපට සංස්ථාව ඔස්සේ ඉල්ලුම් කිරීමෙන්;

රජය විසින් ලබා දෙන මෙම බදු සහන නැවත ලබා ගැනීමට අවස්ථාව උදා වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *