දින 29ක් මෘත ශරීරාගාරයේ තිබුණ මළසිරුරේ සක්‍රීයව කොවිඩ්

 දින 29ක් මෘත ශරීරාගාරයේ තිබුණ මළසිරුරේ සක්‍රීයව කොවිඩ්

දින 29ක් මෘත ශරීරාගාරයේ තිබුණ මළසිරුරේ කොවිඩ් වෛරසය සක්‍රීයව පැවති ඇති බවට ජෛව සාම්පල පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීමේදී තහවුරු වී ඇති බව වාර්තා වේ.

අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තිබූ කොවිඩ් මළ සිරුරකින් මෙම ජෙව සාම්පල ලබාගෙන ඇත. පසුව පසුගිය 9 වැනිදා පී.සී.ආර්. පරීක්ෂණයකට එම සාම්පල් යොමුකර තිබේ.එහිදී තහවුරු වී ඇත්තේ මළ සිරුරේ කොවිඩ් වයිරසය ඇති බවයි.

73 හැවිරිදි අයෙකුගේ මෘත දේහයක් මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇත. කොවිඩ් වැලඳීම හේතුවෙන් එම පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම මෘත දේහය ආදාහනය කිරීම ප්‍රතික්ෂේප කළ ඔහුගේ ඥාතීන් මළසිරුර රැගෙන යාමට රෝහලට නොපැමිණ ඇත. එලෙස දින 29ක් සිරුර අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තිබී ඇත.

එහිදී තෙවැනි වතාවටත් මළ සිරුරෙන් ගත් ජෛව සාම්පල පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර තිබේ. එහිදී මෙම තත්ත්වය තහවුරු වී ඇත.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *