කොළඹ විශාඛා විදුහල්පතිනී ප්‍රතික්ෂේප කළ ගුරුවරයාට වෙනත් පාසලක්

 කොළඹ විශාඛා විදුහල්පතිනී ප්‍රතික්ෂේප කළ ගුරුවරයාට වෙනත් පාසලක්

කොළඹ විශාඛා විදුහලේ විදුහල්පතිනී සඳමාලි අවිරුප්පොළ විසින් ප්‍රතික්ෂේප කළ උසස් පෙළ ගුරුවරයාට වෙනත් පාසලක් ලබා දීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඊයේ (13 වැනිදා) පැවසීය.

කෙසේ වුවද අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයක් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව විශාඛා විදුහල්පතිනිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් ලේකම්වරයා කීවේය.

මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ විශාඛා විදුහලෙන් ප්‍රතික්ෂේප කරන ලද එම ගුරුවරයා සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගෙන ඇති තීරණය කුමක්ද යන්න පිළිබඳව මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමිනි. විශාඛා විදුහලේ සිංහල භාෂාව හා සාහිත්‍ය ගුරුවරුන්ගේ අතිරික්තයක් පවතින බව විදුහල්පතිනිය දැනුම් දී ඇතැයි ද ලේකම්වරයා කීවේය.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *