කොවිඩ් -19 වෛරසය ආසාදිත 480 ක් සුවය ලබද්දී තවත් අලුත් රෝගීන් 354 ක්..

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 480 දෙනෙකු අද (14) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
සබැඳි පුවත් : කොරෝනා ආසාදනය වූ තවත් 646ක් සුවයි
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 43,747ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
නව කොරෝනා ආසාදිතයන්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 354ක් අද (14) දිනයේ අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 50,585ක් දක්වා ඉහළගොස් තිබේ.
ඊයේ පුවත : කොරෝනා වෛරසය ආසාදිතයන් 646ක් සුවය ලබා ඇති බව
වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ඒ අනුව මෙරට තුළ සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 43,267ක් දක්වා ඉහළ යන ලදී.