කොරෝනා මෘත දේහයන් භූමදානයට අවසර දිය හැකි – ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ උපදේශක (VIDEO)

 කොරෝනා මෘත දේහයන් භූමදානයට අවසර දිය හැකි – ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ උපදේශක (VIDEO)

කොරෝනා මෘත දේහයන් භූමදානයට අවසර දිය හැකි බවත් එය ලොව සෑම රටකම සිදු කරන ක්‍රියාවලියක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුල සිදු කෙරෙමින් ඇති කොරෝනා මර්දනය සාර්ථක බව තම මතය විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සඳහන් කරන ලදී.

කොරොනා සඳහා වන ඉන්න එන්නත 20%කට ලබාදීම කිසිසේත්ම ප්‍රමාණවත් නැතැයි ද ඒ මහතා පෙන්වාදෙයි.

අඩුම තරමේ ජනගහනයෙන් 70%කට ලබාදිය යුතු බවද ඔහුගේ අදහසයි.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදේශකවරුන් පත්කළේ හය දෙනකු පමණක් බවත් අග්නිදිග ආසියාව භාරව ඇත්තේ තමන්ට බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *