එංගලන්ත ක්‍රීඩකයා ගෙන් සමාජයට කොරෝනා පැතිරීමේ අවදානමක් නැහැ..

 එංගලන්ත ක්‍රීඩකයා ගෙන් සමාජයට කොරෝනා පැතිරීමේ අවදානමක් නැහැ..

ක්‍රිකට් සංචාරයට පැමිණ සිටින එංගලන්ත ක්‍රීඩකයා ට නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී තිබුණද;

එය මෙරට සමාජයට යාමේ අවදානමක් නැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. 

එම ක්‍රීඩකයා සමඟ මෙරට කිසිවෙකු හෝ සම්බන්ධ වී නැති හෙයින් සමාජයට වෛරසය පැතිරීමේ අවදානම නැති බවයි සමරවීර මහතා සඳහන් කරන්නේ. 

එමෙන්ම ඔහුට ප්‍රතිකාර හා වෙන්කර තබා ගැනීම නිසි පරිදි සිදුවන හෙයින් තවත් කෙනෙකුට බෝවීමේ අවදානමක් නැති බව ඔහු කියාසිටියි.

පසුගිය සැප්තැම්බර් සිට කොවිඩ් 19 නව ප්‍රභේදය හඳුනාගැනුණු අතර එම වෛරසය රටට ඇතුල් වීමේ අවදානම පැවති හෙයින් එක්සත් රාජධානියේ සිට පැමිණෙන ගුවන්යානා තාවකාලිකව නතර කිරීමට පියවර ගැනුණත් යම්කිසි පිරිසක් ඒ වෙනකොටත් අපේ රටට පැමිණ සිටියේය. 

ඒ අනුවයි එංගලන්ත ක්‍රීඩකයා හඳුනා ගැනීමට හැකි වූයේ. 

සබැඳි පුවත : එංගලන්තයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ලංකාවෙන් හමුවෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *