තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වෙයි.

 තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වෙයි.

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මරණ ගණන 247ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ;

  1. බත්තරමුල් ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
  2. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ
  3. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි කාන්තාවකි.

ඊයේ පුවත : කොවිඩ් – 19 ආසාදිත රෝගීන් 04ක් මියයයි.

කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 04 ක් අද (ජනවාරි 12) දිනය තුළ තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ ගණන 244 කි.

  1. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවක්
  2. හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්
  3. මාතලේ ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්
  4. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

මෙසේ මියගොස් තිබේ.

අදාළ කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙසේය.

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *