කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ජනපති සමග සාකච්ඡා අසාර්ථකයි!

 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ජනපති සමග සාකච්ඡා අසාර්ථකයි!

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථක බව වරාය වෘත්තීය සමිති පවසයි.

ජනාධිපති ගෝ්‍ඨාභය රාජපක්ෂ මහතා සමග වරාය වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද (ජනවාරි 13) සාකච්ඡා ආරම්භ විය.

සබැඳි පුවත : කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

මෙම හමුවට වෘත්තීය සමිති නියෝජිතයන් 12 දෙනෙකු සහභාගී වී තිබේ.

සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බව වෘත්තීය සමිති සඳහන් කළේය.

කෙසේ වෙතත්,

ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබිණ.

ඔවුන් සඳහන් කර තිබුණේ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමක් හෝ බදු දීමක් සිදු නොකිරීමට ජනාධිපතිවරයා වෘත්තීය සමිති ඉදිරියේ පොරොන්දු වූ බවයි.

පසුගිය රජය විසින් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිසුමකර එළඹී තිබේ.

නමුත්, වත්මන් රජය එම ගිවිසුම පිළිබඳව ඉන්දියාව සමග සාකච්ඡා කර ඇති බව මෙහිදී ජනාධිපතිවරයා වෘත්තීය සමිති දැනුවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

51%ක අයිතිය සහ නැගෙනහිර පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබාගැනීමේ එකඟතාවට පැමිණීමට හැකිවූ බව එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා රජයට 51% අයිතිය සහ ඉතිරි 49% ඉන්දීයාවේ “අදානි” සමාගමටත්,

වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ. 

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් පුළුල් කිරීමෙන් රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක්  උත්පාදනය කෙරෙන බව

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව පිටුදැකීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ද පෙන්වා දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – “වරාය විකුණන්නෙ නෑ. 49% ක් ඉන්දියාවට දෙනවා”

මේ අතර;

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව පසුගියදා ජාතික ව්‍යාපාරයක් ආරම්භ විය.

පාර්ශව ගණනාවක් එක්ව ස්ථාපිත වූ එය නම් කර තිබුණේ ‘නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ලෙසයි.

වරායට අනුබද්ධිත වෘත්තීය සමිති 23 ක් සහ සිවිල් සංවිධාන විශාල පිරිසක් මෙම ජාතික ව්‍යාපාරයට එක්ව සිටියේය.

ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් ද, මේ සඳහා එක්ව සිටියේය.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ගොඩනැගේ

ඊට අමතරව,

රජය පාර්ශවයේ හිමිනමක් වන මැදගොඩ අබයතිස්ස හිමි ද මීට විරුද්ධව කරුණු දක්වා තිබිණ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට විරුද්ධ ව තමන් වහන්සේ ඇතුළු සංවිධාන දැඩිව විරුද්ධ මතයක සිටින බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

කොළඹ වරාය ජාතික සම්පතක් බවත් ඉදිරි පරම්පරාවට තිබිය යුතු බවත් තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් කිහිපනමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ දැඩිව අවධාරණය කළ බව ද උන්වහන්සේ පැවසූහ.

ඕනෑම ආණ්ඩුවක් ජාතික සම්පත් විකිණීමට කටයුතු කරන්නේ නම් ඊට දැඩි විරෝදය පල කරන බවද උන් වහන්සේ කියා සිටිති.

සිය විහාරස්ථානයේදී මාධ්‍ය අමතමින් උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *