ඔන්ලයින් ඇණවුම් වලට කාන්තා පහස දුන් බියගම සම්බාහන මධ්‍යස්ථානය

 ඔන්ලයින් ඇණවුම් වලට කාන්තා පහස දුන් බියගම සම්බාහන මධ්‍යස්ථානය

ඔන්ලයින් ඇණවුම් වලට කාන්තා පහස දුන් බියගම සම්බාහන මධ්‍යස්ථානයක් පෙරේදා පස්වරුවේ සාර්ථකව වටලා ඇතැයි බියගම පොලිසිය පවසයි.

එහිදී ඔවුන් අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් භාර ගෙන ආයුර්වේද බලපත් නැතිව බියගම, පේරගස්හන්දිය ප්‍රදේශයේ මෙම සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත.

ඒ සමගම එහි සිටි කළමනාකාරිණිය හා කාන්තාවක අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කළේය. බස්නාහිර පළාත් බුද්ධි අංශයේ උප පොලිස් පරික්ෂක අතුකෝරල හා සැරයන් චන්දන යන නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් උපාය දූතයෙකු යොදවා මේ වැටලීම සිදු කළ බව පොලිසිය කියයි..

කළමනාකාරිණිය දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තැනැත්තියක් වන අතර කාන්තාව පන්නල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තැනත්තියක බවද පොලිසිය කීය.

කාන්තාවගෙන් පහස ලබා ගැනීමට පැමිණෙන පිරිමින් රුපියල් 1200 ක මුදලක් ගෙවා සහන මධ්‍යස්ථානයට ඇතුළු විය යුතු බවත් ඉන්පසුව එම තෝරා ගන්නා කාන්තාවන්ට ඔවුන් ඉල්ලන මුදල ගෙවිය යුතු වන බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් කළමනාකාරිණිය හා කාන්තාව මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *