ඊයේ දිනය තුළ පමණක් ඇමරිකාවේ කොවිඩ් මරණ 4500ක්

 ඊයේ දිනය තුළ පමණක් ඇමරිකාවේ කොවිඩ් මරණ 4500ක්

ඊයේ දිනය තුළ පමණක් ඇමරිකාවේ කොවිඩ් මරණ 4500ක් සිදු වීම ලොවපුරා කතා බහට ලක්ව තිබේ.

ඇමරිකාවේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇති අතර, එය 4500 කට ආසන්න බවයි ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත මගින් පෙන්වා දෙන්නේ.

කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ රට වන අමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,368,225ක්, මරණ සංඛ්‍යාව 389,500 කට අධිකයි.

කෙසේ නමුත්, ලොව ඕනෑම රටක දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 4000 ඉක්ම වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

ඊයේ දිනයේදී නව කොරෝනා ආසාදිතයින් 235,000 කට වැඩි සංඛ්‍යාවක්ද හඳුනාගෙන ඇති අතර, රෝහල් ගතකළ සංඛ්‍යාව 131,000 කට අධිකයි.

Hansani Chathurani

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *