ස්වර්ණමහල් නාමිකව නැවත ආරම්භ කෙරේ.

තෙමසක සීමිත කාල සීමාවක් තුළ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනය නාමික ව නැවත ආරම්භ කිරීමට
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව එම ආයතනය 2021 ජනවාරි 13 සිට 2021 අප්‍රේල් 12 දක්වා තෙමසක කාලයක් සඳහා විවෘත කිරීමට නියමිතය.
මහජනතාවගේ සහ එම ආයතනයේ තැන්පත්කරුවන්ගේ යහපත සඳහා දැඩි කොන්දේසිවලට යටත් ව,
2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(අ) වන වගන්තිය ප්‍රකාර ව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම අනුමැතිය ලබාදී තිබේ.
මුදල් මණ්ඩලය විසින් පත් කරන ලද කළමනාකරණ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ
මේ අතර, ඊටීඅයි ෆයිනෑන්ස් සමාගම වසා දැමීම සඳහා සුදුසු අධිකරණයකට ඉල්ලුම් පත්‍රයක් යොමු කිරීමට පියවර ගන්නා ලෙස;
බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දීමට මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
එම සමාගම මුහුණදුන් මූල්‍ය අර්බුද සහ එය යථා තත්ත්වයට පත්කිරීමට සුදුසු සැලැස්මක් නොතිබූ හෙයින් එම සමාගමේ ව්‍යාපාර කටයුතු 2020 ජුලි 13 වනදා සිට අත්හිටුවීමට පියවර ගැනුණි.
සම්බන්ධිත පුවත්:

ETI තැන්පත්කරුවන් අද (ජනවාරි 06) ප්‍රකාශ කළේ,
එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් අධ්‍යක්ෂක මණ්ඩලය අත්අඩංගුවට ගනිමින් නීතිය ක්‍රියාත්මක වූවා සේ ඉදිරි කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ද බලා සිටින බව යි.
ETI තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානයේ සභාපති අනුෂා ජයන්ති මහත්මිය ප්‍රකාශ කළේ
ඔවුනට පමණක් නොව ඔවුන්ව ආරක්ෂා කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ද
නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.
ඇය මේ බව සඳහන් කළේ අද (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
මුල සිටම ශ්‍රී ලංකා මහ බැංකුව මෙහි කටයුතු අධීක්ෂණය කළේ නම් මෙවැනි අර්බුදයක් ඇති නොවන බව ද ඇය කියයි.
මහ බැංකුවේ නිලධාරීන් වගකීම් විරහිතව ක්‍රියා කර ඇති ආකාරය ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සාක්ෂි දෙන විට පෙනෙන්නට තිබුණි.
බලපත්‍රයක් නොමැතිව තැන්පතු ලබාගෙන තිබුණු ස්වර්ණමහල් ආයතනයේ බිලියන13.5ක තැන්පතු ETI ආයතනය වෙත යොමුකර ETI ආයතනයේ තැන්පතු මුදල්වලින් එම තැන්පතුකරුවන්ට පොළී ගෙවීමට සිදුවිය.
ඒ හේතුවෙන් මෙම ප්රශ්නය මතුවූ බවත් එවැනි තත්ත්වයකට පත් වීමට මහ බැංකුවේ එවකට තීරණ බලපෑ බවත් ඇය සඳහන් කරන ලදී.
මේ අනුව එදිරිසිංහ සමාගම සතු දේපළ රජය පවරාගෙන හෝ;
තැන්පතුකරුවන්ගේ සම්පූර්ණ තැන්පතු මුදල් ලබා දීමට කටයුතු කරන ලෙසත් මෙම තැන්පතුකරුවන්ගේ සංවිධානය රජයෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම මෙම අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර නඩු පවරනු ඇති බවට විශ්වාසය පළකරන බවයි මෙහිදී ඔවුන් කියා සිටියේ.