කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 04 ක්..

කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 04 ක් අද (ජනවාරි 12) දිනය තුළ තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ ගණන 244 කි.
- කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවක්
- හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්
- මාතලේ ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්
- වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.
මෙසේ මියගොස් තිබේ.
අදාළ කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙසේය.

සබැඳි පුවත: කොවිඩ් – 19 ආසාදිතයන්ගේ මරණ 08 ක් වාර්තා වෙයි. 11/01/2021
අද දවසේ කොවිඩ් මරණ ගණන 8ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 240ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද වාර්තා වූ කොවිඩ් මරණ මෙසේය.
- වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු වන 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
- රාජගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
- මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
- කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවක්,
- කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
- බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්,
- දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ
- කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
මේ අතර,
අද (ජනවාරි 11) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 283ක් හඳුනාගැනේ.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 568ක් වේ.
පෙර පුවත්:
නිරෝධායන නීති වලදී මුළු රටේම එකම නීතියකට යටත්ව එම කටයුතු සිදුවිය යුතු අතර;
ක්‍රියාත්මක විය යුතු නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය.
අද (ජනවාරි 11) කොළඹදී පැවති මාධ්‍ය වෙත අදහස් දක්වමින්
එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේ
මෙවැනි ගෝලීය වසංගතයකින් බේරීම සඳහා සෞඛ්‍ය නිර්දේශ පිළිපදිනවා හැර වෙනත් විකල්පයක් නොමැති බවද ඔහු කියාසිටියේය.
මෙම තත්ත්වය තුළ සෞඛ්‍ය නිර්දේශ අනුව නව සාමාන්‍යකරණයකට යන්නේ කෙසේද
යන්න පෙන්වා දී ඇති බවයි වෛද්‍ය නවීන් ද සොයිස මහතා පැවසුවේ.