ඊ.ටී.අයි සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් යළි රිමාන්ඩ්..

 ඊ.ටී.අයි සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් යළි රිමාන්ඩ්..

ඊ.ටී.අයි සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් සිව්දෙනා එළඹෙන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට;

අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (ජනවාරි 12) නියම කළේය.

ඒ ETI මූල්‍ය ආයතනයේ සිදු වූ බව කියන මුදල් වංචා චෝදනා සම්බන්ධ නඩුව

අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ යළි කැඳවනු ලැබු අවස්ථාවේ දීය.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව මේ වන විට කළුතර සහ වැලිකඩ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටින

ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අද නඩු වාරයට කැඳවා තිබුණේ නැත.

ඒ පවතින කොවිඩ් අවදානම හේතුවෙනි.

පෙර පුවත: ඊ.ටී.අයි සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් සිව්දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට

ජනවාරි මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI)ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනා කොළඹ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, PCR පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ බවය.

ETI ආයතනයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය පසුගිය සිකුරාදා පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් ඊයේ (09) දහවල් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රුවන් නෙලුම්දෙණිය මහතා හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

ETI ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ රුපියල් බිලියන 13කට අධික මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මීට පෙර ද මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ස්වර්ණමහල් ආයතනයේ සිදුවූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටියේය.

2020.01.10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *