ෂොයිබ් මලික් ගෙන් අනතුරට පසු විශේෂ සටහනක්

 ෂොයිබ් මලික් ගෙන් අනතුරට පසු විශේෂ සටහනක්

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් ගමන් ගත් මෝටර් රථය ඊයේ රාත්‍රියේ අනතුරකට ලක්වුණා.

ලාහෝර් නුවරදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් මලික්ට හානියක් සිදුව තිබුනේ නැහැ.

ඔහු ගමන් ගත් ස්පෝට්ස් වර්ගයේ මෝටර් රථය මාර්ගයේ නවතා තිබූ ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මලික් මෙම අනතුරට මුහුණ පා ඇත්තේ පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලියට අදාල වැඩසටහනකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදීයි.

මේ අතර අනතුරෙන් පසු ෂොයිබ් මලික් සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කර තිබුණා.

එහි ඔහු සඳහන් කර තිබුණේ මම හොඳින්, එය හුදෙක් අහම්බෙන් සිදු වූ අනතුරක්, සියලුදෙනාගේ ආදරය සහ සොයාබැලීම ගැන කෘතඥ වන බවයි.

Hansani Chathurani

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *