රවිනාථ ආර්යසිංහ ඇතුළු කාර්යාලයේ 04 දෙනෙකුට කොවිඩ්

 රවිනාථ ආර්යසිංහ ඇතුළු කාර්යාලයේ 04 දෙනෙකුට කොවිඩ්

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ ඇතුළු කාර්යාලයේ 04 දෙනෙකුට කොවිඩ් -1 9 වයිරසය ආසාදනය වී ඇතැයි පසුගියදා අනාවරණය කරගත් බව තානාපති ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වනවිට එම පිරිස නිවාසවල නිරෝධායනය සඳහා යොමු කර කාර්යාලය දින කිහිපයකට තාවකාලිකව වසාදමා තිබී ඇති බවද වාර්තා වේ.

ඇමෙරිකාවේ වොෂිංටන් හී ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් රවිනාථ ආර්යසිංහ මහතා නිල වශයෙන් රාජකාරි බාර ගනු ලැබුවේ ඉකුත් දෙසැම්බර් 04 වැනිදාය.

වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද (11) යළි විවෘත කිරීමට නියමිත බවද වාර්තා වේ.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *