ETI අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අධිකරණයට ඉදිරිපත් කෙරේ.

 ETI අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අධිකරණයට ඉදිරිපත් කෙරේ.

ETI ආයතනයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.‍

අප වාර්තාකරු පැවසුවේ, ඔවුන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවය.

නීතිපතිවරයාගේ උපදෙස් මත ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (ජනවාරි 08) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

මීට පෙර ද එම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ස්වර්ණමහල් ආයතනයේ සිදුවූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *