LPL තරඟයේ කෑම බිල කෝටි 4ක් – ඌව පලාත් සභාවෙන් ලක්ෂ 500 ක් දීලා (video)

 LPL තරඟයේ කෑම බිල කෝටි 4ක් – ඌව පලාත් සභාවෙන් ලක්ෂ 500 ක් දීලා (video)

LPL ක්‍රිකට් තරඟාවලිය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට අය විය යුතු ඇමරිකන් ඩොලර් දාහත් ලක්ෂ හැත්තෑපන්දහසක මුදල IPG ආයතනය හරහා ක්‍රිකටි පාලක මණ්ඩලයට ලැබුනේ දැයි තුශාර ඉදුනිල් මන්ත්‍රීවරයා අද (06) පාර්ලිමේනතුවේදී ප්‍රශ්න කර සිටියා .

එයට පිලිතුරු දුන් නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා – එම මුදල් සියල්ල නියමිත පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට ලැබී ඇති බවත් තරගයෙන් කිසිදු පාඩුවක් නොවු බවත් ප්‍රකාශ කලා .

මෙහි දී තවත් අතුරු ප්‍රශ්නයක් නැගූ තුශාර ඉදුනිල් මහතා ශැන්ග්‍රීලා හෝටලයේ රුපියල් කෝටි 4 කට වඩා මුදලක් ආහාර වෙනුවෙන් ගෙවා ඇති බව ප්‍රකාශ කලා. එම මුදල ක්‍රිකට් පාලක මණ්ඩලයට විසින් ගෙවා ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.මෙම වියදම කෑම සදහා පමණක් වන බවත් මෙපමණ මුදලක් ආහාර වෙනුවෙන් වැය වූයේ කෙලෙසදැයි ඔහු ප්‍රශ්න කරා.

මන්ත්‍රීවරයා විසින් තවදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම තරගාවලිය වෙනුවෙන් ඌව පලාත් සභාව විසින් ලක්ෂ 500 ක මුදලක් නිකුත් කර ඇති බවට ද ආරංචියක් ඇති බවයි .

මෙහිද අදහස් දැක් වූ නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා අදාල බිල තමාට ලබා දෙන ලෙසත් තමා ඒ පිළිබඳව සොයා බලා දැනුම් දීමක් කළ හැකි බවත් කියා සිටි අතර ක්‍රිකට් ගැන ඇසුවේ නම් වඩාත් උචිත බවත් ප්‍රකාශ කළා.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *