කර්ට්ලි ඇම්බ්‍රෝස් එංගලන්ත වේග පන්දු පුහුණුකරු තනතුරට ඉල්ලුම් කරයි..

 කර්ට්ලි ඇම්බ්‍රෝස් එංගලන්ත වේග පන්දු පුහුණුකරු තනතුරට ඉල්ලුම් කරයි..

බටහිර ඉන්දීය හිටපු වේග පන්දු යවන්නෙකු වන කර්ට්ලි ඇම්බ්‍රෝස් එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු තනතුරට ඉල්ලුම් කර තිබේ.

කඩුලු 400 ක් දවාගත් පන්දු යවන්නන් අතර අඩුම සාමාන්‍යය (20.99) සහිත වේග පන්දු යවන්නා වන්නේ ද ඇම්බ්‍රෝස් ය.

කර්ට්ලි ඇම්බ්‍රෝස් තම ක්‍රිකට් දිවියේ දස්කම් දැක්වූ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙකි.

ඇම්බ්‍රෝස් සංගීතයට දැක්වූ ඇල්ම නොමැකෙන එකක් විය.

ඇම්බ්‍රෝස් රෙගේ සංගීත කණ්ඩායමක් සඳහා bass ගිටාර් වාදකයෙකු ලෙස සෑහෙන කාලයක් කටයුතු කළේය.

ඔහු තම කණ්ඩායමේ සගයකු සහ නායක රිචී රිචඩ්සන් සමඟ තමාගේම සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත්තේය.

විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු සංගීත වෘත්තියෙහි නිරත විය.

සංගීත කණ්ඩායමේ bass  ගිටාර් වාදකයා ලෙස ඇම්බ්‍රෝස් කටයුතු කරන අතර රිචඩ්සන් සංගීත කණ්ඩායමේ rhythm ගිටාර් වාදකයා වේ.

සංගීත කණ්ඩායම නම් කර ඇත්තේ “The big bad dread and the bald head” යනුවෙනි.

ඔවුන් විවිධ අවස්ථාවල  ඔවුන්ගේ සංගීත චමත්කාරය පතුරුවා හැරියේය.

ඇම්බ්‍රෝස් පසුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර 2015දී  ඇමරිකා එක්සත් ජනපදයේ පැවති All Stars XI තරඟාවලියේ  ආරම්භක තරඟයට ද සහභාගී විය.

All Stars වෙනුවෙන් පැවති ප්‍රසංගයේදී ඔහු  ගීත ගායනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *