දෙවෙනි ටෙස්ට් තරගයෙනුත් දකුණු අප්‍රිකාවට පහසු ජයක්..!

 දෙවෙනි ටෙස්ට් තරගයෙනුත් දකුණු අප්‍රිකාවට පහසු ජයක්..!

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් හිදී පැවති දෙවැනි සහ අවසාන ටෙස්ට් තරඟයෙන් සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුලු 10ක පහසු ජයක් හිමිවිය.

ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබු ලකුණු 67 කිසිදු කඩුල්ලක් නොදැවී රැස්කිරීමට ඒඩ්න් මාක්‍රම් සහ ඩීන් එල්ගා(ර්) සමත් විය.

කඩුලු 4කට ලකුණු 150ක් සහිතව සිය දෙවැනි ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායම අද (05) දිවා භෝජනයට පෙර ලකුණු 211කට දැවී ගියේය.

දිමුත් කරුණාරත්න 103යි.

පන්දු යැවීමේදී ලුන්ගි එන්ගීඩි ලකුණු 44කට කඩුලු 4ක් දවා ගත්තේය.

ලුතෝ සිපම්ලා ලකුණු 40කට කඩුලු 3යි.

ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 157ක් රැස්කළ අතර;

සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම සඳහා ලකුණු 302ක් රැස්කළේය.

ඒ අනුව තරඟ 2කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *