සුපිරි ධනපති ජැක් මාට මොකද වුනේ?

 සුපිරි ධනපති ජැක් මාට මොකද වුනේ?

චීන ධනපතියෙක් වන ජැක් මා පසුගිය මාස දෙක පුරාවට දක්නට නොලැබීම හේතුවෙන් විදෙස් මාධ්‍ය විවිධ මත පළ කරති.

ලෝක ප්‍රකට අලිබාබා සමුහයේ ආරම්භකයා වන මා, පසුගියදා පැවති “Africa’s Business Heroes” වැඩසටහෙනි අවසන් තරඟයට පැමිණියේ නැත. එය ඔහු විසින් ම නිර්මාණය කළ වැඩසටහනක් බැවින් ඔහු එම අවසන් තරඟය විනිශ්චය කිරීමට පැමිණෙතැයි බොහෝදෙනා බලාපොරොත්තු විය. 

ඔහුගේ ඡායාරූපය ද වෙබ්පිටුවෙන් ඉවත් කර ඇත.

ඔහු පසුගිය ඔක්තෝබර් මාසයේදී ෂැන්හයි නගරයේ දී මතභේදාත්මක අදහස් පළ කිරීමක් කර තිබුණි. එහිදී ඔහු පවසා ඇත්තේ චීන නියාමන ක්‍රමවේදයන් හේතුවෙන් නවෝත්පාදනය ට මං අවහිර වී ඇති බවය.

“වර්තමාන මුල්‍ය ක්‍රමය කර්මාන්ත යුගයේ පුරාවෘත්තයක් වැනි” බව ඔහු පැවසීය.

“අපි වර්තමාන ක්‍රමය වෙනස් කළ  යුතුයි” යනුවෙන් ද ඔහු පවසා තිබුණි.

ඉන් සතියකට අනතුරුව “මා” ගේ Ant ව්‍යපාර සමුහයේ කොටස් නිකුතුව තහනම් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *