Z – score නඩු තීන්දුව 23 වනදා

අපොස උසස් පෙළ (2019) විභාගයට නව සහ පැරණි විෂය නිර්දේශයන් යටතේ පෙනී සිට සමත් වූ සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සඳහා යොදාගත් ක්‍රමවේදය අවලංගු කරන්නැයි ඉල්ලා සිසුන් 42කු ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ඊයේ (21 වැනිදා) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳ සිය ප්‍රකාශයට පත් කිරීම මෙම 23 වැනිදාට (හෙට) කල් තැබුවේය.
පෙත්සම පිළිබඳ විභාගයක් පැවැත්වීමට නියම කරනවාද එසේ නැතිනම් විභාගයකින් තොරව පෙත්සම අහක දමනවාද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එදිනට තීරණය කරනු ඇත.
බුවනෙක අළුවිහාරේ, එල්.ටී.ඩී. දෙහිදෙණිය සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.