Fitch Rating අඩුවීමේ අනිටු ඵල මෙන්න..

 Fitch Rating අඩුවීමේ අනිටු ඵල මෙන්න..

ලෝකයේ රටවල්වල විදෙස් ණය ගෙවීමේ හැකියාව පිළිබඳ දර්ශකය සකස් කරන අමෙරිකාවේ පිහිටි Fitch Ratings ආයතනය විසින් ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම පැහැර හැරීමේ අවදානම් කලාපීය රාජ්‍යයක් ලෙස ‘CCC’ මට්ටමට පහත හෙළා ඇතැයි පසුගියදා වාර්තා විය.

ඉන් ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල පිළිබඳව විද්වත් මතයේ සාරාංශයක් පහත දැක්වේ.

  1. ශ්‍රී ලංකාව විදේශ වෙළෙඳපොලෙන් ණය ගැනීමේ දී 30% හෝ 40% ප්‍රමාණයක් පොලී ගෙවීමට සිදුවේ. ඉන් දිගුකාලීනව රට තුළ උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී.
  2. විදෙස් වෙළෙඳපොලේ දී පහසු කොන්දේසි සහ අඩු පොළියක් මත මෙන්ම විශාල ණය ප්‍රමාණයක් ලබාගැනීම සිදු කළ නොහැකි වේ.
  3. ශ්‍රී ලංකාව විසින් 2021 සිට 2025 දක්වා කාලයේ දී ගෙවීමට නියමිත සමස්ත විදේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 23.2 ක් වන අතර එය ගෙවීම සඳහා ශ්‍රී ලංකාව සතු විදේශීය සංචිත ප්‍රමාණය වන ඩොලර් බිලියන 5.9 ප්‍රමාණවත් නොවේ. එහිදී විදේශ වෙළෙඳපොලෙන් වැඩි පොළියක් යටතේ ණය ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවීමේ සම්භාවිතාව බෙහෙවින් වැඩිය.
  4. ගෝලීය මූල්‍ය සං‍යුතිය සමග සම්බන්ධ වීමේ හැකියාව අඩු වේ.

කෙසේ වෙතත්; වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මෙම ආදීනව වලට මුහුණ දීමට සිදුවන්නේ ශ්‍රී ලංකාව විදෙස් වෙළෙඳපොළෙන් ණය ගන්නවා නම් පමණක් බවයි.

පසුගිය දා කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද ප්‍රකාශ කළේ ඉදිරි ව්‍යාපෘති සඳහා විදෙස් ණය ගැනීමක් සිදු නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *