“කොවිඩ්, සොබාදම් මව අපට දුන්නු දඬුවමක්”- හැරී කුමරු

 “කොවිඩ්, සොබාදම් මව අපට දුන්නු දඬුවමක්”- හැරී කුමරු

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු පවසන්නේ කොවිඩ්-19 වසංගතය සොබාදහම විසින් මිනිසාට දුන් දඬුවමක් වැනි සිදුවීමක් බවය.

“එය හරියට සොබාදම් මාතාව අපව අපගේ කාමරවලට යවා ඇත්තේ අපගේ නරක හැසිරීම නිසා කියල, වසංගතය ආරම්භයේදීම කවුරුහරි මා සමග කීවා. ඒක ඇත්ත, සැබෑවටම මොහොතක් ගත කරමින් අප මෙතෙක් කලක් කළ දේ ගැන සිතා බලන්න” හැරී කුමරු නිකුත් කළ වීඩියෝ සාකච්ඡාවක දැක්වෙයි. “එය සෑම කෙනෙකුටම විශ්වීය වශයෙන් දුෂ්කර වසරක් වී තිබෙනවා” ඔහු පැවසීය.

“එය නිසැකවම මට මතක් කර දී ඇත්තේ, එය අප සැමට මතක් කර දී ඇත්තේ, මිනිසුන් වශයෙන් පමණක් නොවෙයි, සොබාදහම තුළින්ද අප සියල්ලන්ම කෙතරම් අන්තර් සම්බන්ධිතද යන්නයි. අප ඇයගෙන් බොහෝ දේ ලබා ගන්නවා, නමුත් අප බොහෝ දේ ආපසු ලබා දෙන්නේ කලාතුරකින්” හැරී කිවේය.

“අහසින් වැටෙන සෑම වැහි බිංදුවක්ම වියළි බිමට සහනය සලසනවා. අප සෑම කෙනෙකුටම වැහි බිංදුවක් වෙන්න පුළුවන් නම්, අප කරන දේ ගැන, අප කරන්නේ කුමක්ද යන්න ගැන, අප සෑම කෙනෙකුම ඉතා සැලකිලිමත් වන්නේ නම්, මොකද අප සැලකිලිමත් විය යුතු වන්නේ දවස අවසානයේදී සොබාදහම අපගේ ජීවන ප්‍රභවය වන නිසයි. මෙතනදි අප සියලු දෙනා බුද්ධිමත් විය යුතුයි. ඒ අධ්‍යාපනය ඒ දැනුවත්භාවය නඟා සිටුවීමට හා දිරිගැන්වීමට හැකි මාර්ගයක් සොයා ගත යුතුයි.” හැරී කුමරු වැඩිදුරටත් කියා සිටියේය.

Hansani Chathurani

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *