2020 ‘සාගර වීරවරිය’ සම්මානය, පානදුර තල්මසුන් ආපසු හැරවූ ලංකාවේ ආශාට

 2020 ‘සාගර වීරවරිය’ සම්මානය, පානදුර තල්මසුන් ආපසු හැරවූ ලංකාවේ ආශාට

පානදුර වෙරළ තීරයට තල්මසුන් ගොඩ ගසා තිබූ අවස්ථාවේ එම සත්වයින් යළි මුහුදට හරවා යැවීමේ කර්තව්‍යයට සහභාගී වෙමින් මුළු රටපුරා කීර්තියට පත් වූ සාගර විද්‍යාඥ ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය 2020 වසරේ “සාගර වීරවරිය” (Sea Hero)ලෙස නම් කර තිබේ.

Scuba Diving නම් සුප්‍රකට සගරාව විසින් ඇයව මෙවර එම නාමයෙන් පිදුම් ලැබීමට සලස්වා ඇති අතර සුපතල ඔරලෝසු සන්නාමයක් වන “සීකෝ” ආයතනයේ 50 වන සංවත්සරය නිමිත්තෙන් සාගර විද්‍යාඥ ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය හට ඇය සිදුකළ සාගර පර්යේෂණ වෙනුවෙන් ඩොලර් 5000 ක (රුපියල් මිලියනයක පමණ) ත්‍යාගයක් පිරිනැමීමට ද තීරණය කර ඇති බව වාර්තා වේ.

එහිදී ආශා ඩි වොස් මහත්මිය තමන්ට හිමිවූ මෙම ඇගයීම පිලිබදව මෙසේ අදහස් පලකරන ලදී.

“සාගර සංරක්ෂණ ක්‍රියාවලියේ දී එයට කැපවන සහ සංරක්ෂණය කළ යුතු අංග හඳුනාගෙන ඒවාට විසඳුම් සොයන පිරිසක් රටකට ඉතාමත් වටිනවා .ඔවුන්ට නිසි මාර්ගෝපදේශනයක් ලබා දිය යුතුයි. මම ඉගෙන ගත්තෙ තනිවම . එතකොට නිසි මාර්ගෝපදේශකත්වයක් ලබා ගන්න කෙනෙක් හිටියෙ නෑ. මේක මට ලැබුනු හොඳ අවස්ථාවක් සාගරය ගැන උනන්දුවක් දක්වන පිරිසට උදවි කරන්න. මෙම මුදල සාගර විද්‍යාව හදාරන ලාංකික සිසුන් කිහිප දෙනෙකුට පර්යේෂණාත්මක අධ්‍යයනයක් සිදුකිරීම සඳහා යෙදවීමට බලාපොරොත්තු වෙනවා. ඒක සාගර සංරක්ෂණය පිළිබඳව ඇල්මක් ඇති අයට හොඳ උත්තේජයක් වනවා. “

අදාළ සම්මානය ගැන විස්තරය මෙතැනින් 

https://www.scubadiving.com/asha-de-vos-named-2020-sea-hero-year

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *