බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාට කොරෝනා

 බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාට කොරෝනා

බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථනයේ සිදුකරන ලද PCR පරීක්ෂණ මගින් ප්‍රධාන ජේලර්වරයාට සහ රැඳවූවන් 26 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා වර්තා කරන ලදී.

ඒ අනුව අද (02) දින තෙල්දෙණිය විශේෂ කොරෝනා ප්‍රතිකාර රෝහල වෙත ප්‍රධාන ජේලර්වරයාව ප්‍රතිකාර සදහා යැවූ බවත් රැඳවූවන් 26 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කල බවත් ඒ මහතා පවසා සිටියේය.

එමෙන්ම මේ වනවිට මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවූවන් 182 නෙකුට හා රාජකාරි සදහා යොදවා සිටි නිලධාරීන් තිදෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරන ලදී.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *