කොරෝනා ආසාදිත යුවලක් නිසා බැංකුවක් වැසේ

 කොරෝනා ආසාදිත යුවලක් නිසා බැංකුවක් වැසේ

වාද්දුව පදිංචි යුවලක් මීට දින කීපයකට ඉහතදී සිදුකරන ලද PCR පරීක්ෂණයක වාර්තා වලට අනුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු ඇත.

අනතුරුව ඔවුන් ආ ගිය තැන් පිළිබඳ විමසීමේදී ඉකුත් සිකුරාදා වන විට එම යුවළ දින කීපයක් පානදුර පෞද්ගලික බැංකුවක් වෙත පැමිණ ඇති බවට වාර්තා වීමත් සමග අද (02) දින උදෑසන සිට තාවකාලිකව එම බැංකුව වසා දැමීමට කටයුතු කර ඇත.

කළමනාකාරවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සාමාජිකයින් ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස උපදෙස් ලබා දී ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරන ලදී.

ඒ අනුව බැංකු පරිශ්‍රය විසබීජ හරයට ලක් කිරීමෙන් අනතුරුව වෙනත් කාර්යමණ්ඩලයක් යොදවා හෙට දින සිට යලි බැංකු කටයුතු සිදුකරන බවට වර්ත් විය.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *