බැසිල්ගේ තවත් මුදල් වංචා නඩු 02කට අදාල විදෙස් ගමන් තහනම් ඉවත් කෙරේ.

 බැසිල්ගේ තවත් මුදල් වංචා නඩු 02කට අදාල විදෙස් ගමන් තහනම් ඉවත් කෙරේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අවභාවිතය සම්බන්ධයෙන් තිබු නඩු දෙකකට අදාලව පනවා තිබු විදෙස් ගමන් තහනම් ඉවත් කොට ඇත.

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 385 ක මුදලක් වැය කර 2015 ජනාධිපතිවරණ සමයේදී ජී.අයි.බට මිලදී ගැනීමේ නඩුවට අදාලව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් ඉවත් කොට තිබේ.

එමෙන්ම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූහතර ලක්ෂයක් වැය කරමින් 2015 ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ලිත් පනස්ලක්ෂයක් මුද්‍රණය කර බෙදා හැරීම ඇතුළු චෝදනා යටතේ එහි විත්තිකරුවන් දෙදෙනාට පනවා තිබු විදෙස් ගමන් තහනමද කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතාගේ නියෝගයකට අනුව ඉවත් කොට තිබේ.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *