පානදුරේ පොලිසියේ නිලධාරීන් 140 ක් හා වැලිපැන්නේ 56 ක් නිරෝධායනයට

 පානදුරේ පොලිසියේ නිලධාරීන් 140 ක් හා වැලිපැන්නේ 56 ක් නිරෝධායනයට

පානදුරේ පොලිස් අධිකාරී කාර්යාලයේ ස්ථාපිත කර තිබූ කොට්ඨාස බුද්ධි අංශ ස්ථානාධිපතිවරයා හා කොස්තාපල්වරුන් 4 දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් 140 දෙනෙකු නිවෙස් වලම නිරෝධායනය සඳහා යොමුකර ඇත.

එම නිලධාරීන් දින 14ක කාලයක් නිරෝධායනය සදහා යොමු කොට ඇති බවත් නිලධාරීන් 140 දෙනාටම PCR පරීක්ෂණ සිදුකරනු ලැබූ බවත් පානදුර සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන ලදී.

ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයෙන් කරන ලද සියලු රාජකාරි සඳහා වෙනත් පොලිසිවල නිලධාරීන් අනුයුක්ත කර සිදුකර ගෙන යන බවද පැවසේ.

එමෙන්ම වැලිපැන්න පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන් වැලිපැන්න පොලිස් ස්ථානයේ නිලධාරීන් 56දෙනෙකුද නිවෙස්වල නිරෝධායනයට යොමු කර ඇති බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා පවසා සිටියේය.

ඒ පොලිස් ස්ථානයේ සහ බැරැක්කවල නවාතැන් ගෙන සිටින නිලධාරීන් ද එම ස්ථාන තුළම නිරෝධායනය යොමු කර ඇත.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *