‘ඔන්ලයින්’ අධ්‍යාපනය නිසා අඩි 60 ක් උස ජල ටැංකියට නඟින මොරගහවැව ළමයි

 ‘ඔන්ලයින්’ අධ්‍යාපනය නිසා අඩි 60 ක් උස ජල ටැංකියට නඟින මොරගහවැව ළමයි

කොරෝනා වසංගතය රට පුරා පැතිර යාමත් සමග පාසල් අධ්‍යාපනය අඩාල වීම හේතුවෙන් බලධාරීන් විසින් ‘ඔන්ලයින්’ අධ්‍යාපනය සුදුසු බවට තහවුරු කොට ඒ හරහා ඉගැන්වීම් කටයුතු සිදු කරන ලබන මොහොතක තම අධ්‍යාපන කටයුතු අතපසු කර නොගැනීම සදහා මොරගහවැව ගම්මානයේ ළමුන්ට දිනපතා අඩි 60 ක් උස ජල ටැංකියකට නැගීමට සිදුවන පුවතක් වාර්තා වේ.

පවතින වාතාවරණය හමුවේ මොරගහවැව ඇතුළු බොහෝ ප්‍රදේශවල දරුවන්ට පාසැල්වල සහ පෞද්ගලික පන්තිවල පාඩම් මාර්ගගත ක්‍රමයට හැදෑරීමට ඇති ලොකුම බාධකය වන්නේ එම ප්‍රදේශ වල ජංගම දුරකථන සංඥා තරංග නොමැති වීමයි.

නවගත්තේගම නගරයේ සිට කිලෝමීටර 10 ක් දුරින් පිහිටි මෙම මොරගහවැව ජනතාව හදිසි දුරකථන ඇමතුමක් ලබාගැනීමට පවා සංඥා සොයමින් ඇවිද යායුතු මොහොතක තම දෙමාපියන් බෝග වගාවෙන් උපයාගත් සොච්චම් මුදලින් ගෙන දුන් දුරකථනද රැගෙන අධ්‍යාපනය වෙනුවෙන් ගමේ උසම ස්ථානය වන අඩි 60 ක් උස ජල ටැංකියට නගින බව එම දරුවන් පවසා සිටි.

සවස් වනවිට වන අලින් ගහණ ප්‍රදේශයක් වීම හේතුවෙන් තම අධ්‍යාපන කටයුතු සවස් වනවිට අවසන් කරගැනීම සදහා උදෑසනම ජල ටැංකියට නගින්නේ ඉතා අමාරුවෙන් බවත් පැය කිහිපයක් පාඩම් කර දිවා ආහාරය සඳහා නැවත බැස යායුතු බවත් දරුවන් හැඬු කඳුලින් පවසයි.

සීත කාමර වල සිට බලධාරීන් සකස් කරනු ලබන ප්‍රතිඵත්ති ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමේදී සිදුවන අපහසුතා ගැන බලධාරීන්ගේ ඇස් ඇරෙන තුරු මෙම දරුවන් තම අධ්‍යාපනය වෙනුවෙන් තවදුරටත් වතුර ටැංකියට නගිනු ඇති.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *