අම්මටයි දුවටයි මරණය ගෙනා මත්තල අධිවේගී පිවිසුමේ මාරක අනතුර

 අම්මටයි දුවටයි මරණය ගෙනා මත්තල අධිවේගී පිවිසුමේ මාරක අනතුර

පස්සර සිට සිය නිවාස බලා යමින් සිටි පිරිසකගේ සුඛෝපභෝගී රථයක් මත්තල අධිවේගී මාර්ගයට පිවිසුම් මාර්ගයෙහිදී පෙරළී යෑමෙන් එහි සිටි මව හා දියණිය මියගොස් ඇති බව ලුණුගම්වෙහෙර පොලිසිය වාර්තා කරන ලදී.

පුතා විසින් රථය පදවාගෙන ගොස් ඇති අතර රථය තුළ මියගිය මව, ඇගේ ස්වාමිපුරුෂයා, මියගිය දියණිය හා තවත් දියණියක ගමන් කර ඇත.

ඔවුන් අංක 163/සී, අයි. ඩී. එච්. පාර, කොටිකාවත්ත, මුල්ලේරියාව යන ලිපිනයෙහි පදිංචි පිරිසක් බවත් මියගිය මව 40 හැවිරිදි මාකේවිටගේ ලෙටිෂියා හෙලන් විජේවර්ධන බවත් දියණිය 20 හැවිරිදි රසත්චිරා ඩිසානා තිසරණී බවත් පොලිසිය ප්‍රකාශ කරන ලදී.

මෙහිදී මෝටර් රථයෙහි පිටුපස රෝදයක් එකවර පුපුරා යෑමෙන් මෝටර් රථය පෙරළී ගොස් මෙම රිය අනතුර සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

අනතුරින් තුවාල ලැබූ පියා සහ අනෙක් දියණිය ප්‍රතිකාර සඳහා දෙබරවැව රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරින් රිය පැදවූ අයට සුළු තුවාල පමණක් සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම රිය අනතුරින් බරපතළ තුවාල ලැබූ මව සහ දියණිය ලුණුගම්වෙහෙර ග්‍රාමීය රෝහලට ඇතුළත් කරන විටත් මව මියගොස් ඇති බවත් දියණිය ලුණුගම්වෙහෙර රෝහලෙන් හම්බන්තොට දිස්ත්‍රික් රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී
ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබේ.

සිදුවීමෙන් මියගිය මවගේ දේහය තිස්සමහාරාම මෘත ශරීරාගාරයෙත් දියණියගේ දේහය හම්බන්තොට දිස්ත්‍රික් රෝහලෙහි මෘත ශරීරාගාරයෙත් ඇති බවත් පී. සී. ආර්. පරීක්ෂණ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසු මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන බව තිස්සමහාරාම හදිසි මරණ පරීක්ෂක කේ. ජී. සී. නිරංජන් මහතා ප්‍රකාශ කරන ලදී.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *