zoom විනාඩි 40 බාධාව අද දිනයේ පමණක් ඉවතට

 zoom විනාඩි 40 බාධාව අද දිනයේ පමණක් ඉවතට

ZOOM නිවේදනය කර ඇත්තේ ස්තූති පළ කිරීමේ දිනය (Thanksgiving Day) යෙදෙන අද (නොවැම්බර් 26දා) දිනයේ ඔවුන් නොමිලේ ලබාදෙන මිනිත්තු 40ක වීඩියෝ ඇමතුම් කාලය, සීමාවකින් තොරව ලබාදීමට කටයුතු කරන බවය.

කොරෝනා වසංගතය හමුවේ ස්තුති පළ කිරීමේ දිනයේදී එකිනෙකා අතර සබඳතා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් පවත්වා ගැනීම සඳහා මෙම අවස්ථාව ලබාදී ඇති බවත්, එය ඔබේ පවුලේ හමුව කෙටි නොවන අවස්ථාවක් බවත් ඔවුන් සඳහන් කර ඇත.

වීඩියෝ සන්නිවේදන සමාගම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සාමාන්‍යයෙන් නොමිලේ රැස්වීම් සඳහා ලබාදෙන මිනිත්තු 40ක කාල සීමාව නොවැම්බර් 26 වැනි දින ගෝලීය වශයෙන් ඉවත් කරන බවය.

Hansani Chathurani

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *