ලෝක වෙළෙඳපොලේ රන් මිල ඉහළ යයි.

ලෝක වෙළෙඳපොලේ රන් අවුන්සයක මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 1873.31 ක් ලෙස ඉහළ ගොස් තිබේ.
පැවැති මිල වන්නේ අමෙරිකන් ඩොලර් 1860.37 කි.
ගත වූ දින 4 තුළ රන් අවුන්සයක මිල ඩොලර් 13 කින් පමණ ඉහළ ගොස් තිබේ.
කෙසේවෙතත්, නොවැම්බර් 09 වන දින රන් අවුන්සයක මිල ඩොලර් 1960.93 තරම් ඉහළ මට්ටමක පැවතිණ.