මස්කෙළියේ කොරෝනා ආසාදිතයන් 07 දෙනෙක් හඳුනාගැනේ..

 මස්කෙළියේ කොරෝනා ආසාදිතයන් 07 දෙනෙක් හඳුනාගැනේ..

නුවරඑළිය මස්කෙළිය ප්‍රදේශයෙන් අද (23) දිනයේ කොවිඩ් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගත් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී.චන්ද්‍රරාජන් මහතා පවසයි.

ඒ අතරට එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකු ද අයත් වන බව ඔහු ප්‍රකාශ කළේය.

මොවුන්ට වෛරසය වැළඳී තිබෙන්නේ කොළඹ ප්‍රදේශයේ සිට දීපාවලි නිවාඩුවට පැමිණි ඔවුන්ගේ ඥාතීන්ගෙන් බව වාර්තා වේ.

කොළඹ ප්‍රදේශයේ කරණවෑමියෙකු ලෙස සේවය කළ අයෙකු දීපාවලි නිවාඩුව සඳහා කොටගල ප්‍රදේශයට පැමිණීමෙන් පසු ඔහු ආසාදිතයෙකු බව පසුගියදා තහවුරුවූ අතර ඔහුගේ වයස අවුරුදු 02 ක් පමණ වන දරුවාට ද වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.

එමෙන්ම කොළඹ ප්‍රදේශයේ රැකියාව කළ තිදරු පියෙකු ද දීපාවලි නිවාඩුව නිමිත්තෙන් හැටන් ස්ටැඩන් වතුයායට පැමිණීමෙන් පසු අසාදිතයෙකු ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *