බුකර් සම්මානය ස්කොට්ලන්ත ලේඛක ඩග්ලස් ස්ටුවර්ට් හිමි කරගනී..

ස්කොට්ලන්ත ජාතිකයකු වන ඩග්ලස් ස්ටුවර්ට් රචනා කළ “ෂුගී බේන්” නමැති නවකතාවට බුකර් සම්මානය හිමි ව තිබේ.
මද්‍යසාරවලට ඇබ්බැහි වූ දිළිඳු මවකට ජීවත්වීම සඳහා උපකාර කරන පිරිමි දරුවකු වටා ගෙතුණු කතාවක් මේ කෘතියට වස්තු බීජය වී තිබෙන අතර නවකතාවෙහි සඳහන් පිරිමි දරුවා එක්දහස් නවසිය අසූ ගණන්වල උපත ලද දරුවෙකි.
“ෂුගී බේන්”, ඩග්ලස් ස්ටුවර්ට්ගේම ජීවිත කතාවය. එනිසා එය ස්වයං චරිතාපදාන කෘතියක් ලෙස ද හැඳින්වේ. එය, ඩග්ලස් ස්ටුවර්ට්ගේ පළමු නවකතාව ද වන්නේය.