පාසල් ඇරඹුනද සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක..

 පාසල් ඇරඹුනද සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක..

බස්නාහිර පළාතේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල් හැර සෙසු දිස්ත්‍රික්කවල බොහෝ පාසල් අද (23) දිනයේ ආරම්භ කෙරිණ.

නමුත් සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවති බව අප වාර්තාකරු පවසයි.

වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ 6000ක් පමණ ඉගෙනුම ලබන පාසල්වල අද දිනයේ පැමිණ ඇත්තේ 100කටත් අඩු පිරිසක් බවයි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා‍ පවසන්නේ පාසල් ආරම්භ කළද, තමන් කී පරිදි දෙමාපියන්ගේ විශ්වාසය ඇති කිරීමට කටයුතු කර නැති බවයි.

අධ්‍යාපන ලේකම්වරයා, අධ්‍යාපන ඇමති, රජය කියපු කාරණා එකක්වත් මේ රටේ දෙමව්පියෝ පිළිඅරගෙන නෑ. මධ්‍යම පළාතේ ගත්තොත් ප්‍රධාන පාසල්වල තත්ත්වය මොකද්ද? සියලු පාසල්වල තොරතුරු තියෙනවා. ළමයි අඩුයි. ඇත්තටම ඒ පාසල්වල ළමයි 100ට අඩුයි. සමහර පාසල්වල ළමයි සංඛ්‍යාව 50ට කිට්ටුයි. මේ ඔක්කෝම ළමයි 4000 ට 5000ට වැඩි පාසල්. අනෙකුත් ප්‍රදේශවලත් එහෙම තමයි. ඒ කියන්නේ දෙමාපියන්ට විශ්වාසයක් ඇති වෙලා නෑ ළමුන් පාසල් එවීම සඳහා. අපි දිගින් දිගටම ඉල්ලා සිටින්නේ මේකට වැඩපිළිවෙලක් හදන්න කියලා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *