ඉතාලියේ කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 14 ඉක්මවයි.

 ඉතාලියේ කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 14 ඉක්මවයි.

සමස්ත ලෝකයම ගිල ගනිමින් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ඉතාලියේ වෙසෙන ජනතාවගෙන් ලක්ෂ 14 කට වැඩි ප්‍රමාණයක් ආසාදිතයන් බවට පත්ව තිබේ.

ඊයේ (නොවැම්බර් 22) එරටින් වාර්තා වූ නව ආසාදිතයන් ගණන 28,337 කි. එමගින් සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 1,408,868 දක්වා ඉහළ නැංවීය.

ඉතාලියේ සමස්ත කොරෝනා මරණ ගණන ඊයේ වන විට 49,823 කි. ආසාදිතයන් 553,098 ක් සුවය ලබා පිටව ගොස් තිබේ. තවත් සක්‍රීය රෝගීන් 805,947 දෙනෙකු රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව ද විදෙස් පුවත් වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *