ICCයට එරෙහිව නුවන් සොයිසා අධිකරණයට

 ICCයට එරෙහිව නුවන් සොයිසා අධිකරණයට

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් තමන්ට ක‍්‍රිකට් දූෂණ සම්බන්ධ වැරදි තුනක් යටතේ වැරදිකරු කිරිම අනුමත නොකරන බවත් එම තීරණයට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙක් වන නුවන් සොයිසා මහතා ප්‍රකාශ කොට ඇත.

මෙහිදී තමන්ට සාධාරණය හා සිය නිර්දෝශීභාවය ඔප්පු වන තෙක් මෙම සටන අත්නොහිරින බව ඔවු මාධ්‍යට ප්‍රකාස කොට ඇත.

මීට වසර දෙකකට පමණ පෙර අයි සී සී දුෂණ විරෝධී සංග‍්‍රහය යටතේ නුවන් සොයිසාට චෝදනා එල්ල වුණා.

මෙහිදී 2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ‘ටී 10 ලීග්’ තරගාවලියට සහභාගිවන්නන් සඳහා වූ ඊසීබී දූෂණ විරෝධී නීති සංග්‍රහයේ ගණන් කිරීම් හතරක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය (ඊසීබී) වෙනුවෙන් සොයිසා මහතාට අයි.සී.සී විසින් චෝදනා ගොනු කරනු ලැබුවා.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *