සමස්ත කොරෝනා මරණ ගණන 73 දක්වා ඉහළට

 සමස්ත කොරෝනා මරණ ගණන 73 දක්වා ඉහළට

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් සිවු දෙනකු ඊයේ (19) දිනයේදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

කොළඹ 15 සහ කළුතර ප්‍රදේශවල පදිංචි අවුරුදු 27 ක සහ 59 ක කාන්තාවන් දෙදෙනෙක්ද, කොළඹ 10 සහ කළුතර ප්‍රදේශවල පදිංචි අවුරුදු 70 ක සහ 86 ක පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් අද දිනයේදී මිය ගිය පුද්ගලයන් අතර වෙති.

මෙම මරණ 4 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 73 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.‍

Hansani Chathurani

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *