බොලිවුඩ් නළු සල්මාන් ඛාන් ස්වයං නිරෝධායනයට.

 බොලිවුඩ් නළු සල්මාන් ඛාන් ස්වයං නිරෝධායනයට.

බොලිවුඩයේ සුපිරි නළු සල්මාන් ඛාන්ගේ පෞද්ගලික රියදුරාට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන් ඔහුද ස්වයං නිරෝධායනය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලැබිණ.

එමෙන්ම සල්මාන් ඛාන් ඇතුළු පවුලේ අයද මේ ආකාරයෙන් ඔවුන්ගේ නිවස තුළ දින 14 ක් ස්වයං නිරෝධායනය වන බව එහිදී වාර්තා කරන ලදී.

එහිදී ආසාදිත වූ සේවකයින් මේ වන විට ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇත.

ඉන්දියාවේ සුප්‍රකට කලාකරුවන් වන අමිතාබ් බච්චන්, අභිෂේක් බච්චන්, අයිශ්වර්යා රායි, එස්. පී. බාලසුබ්‍රමනියම්, සෞමිත්‍ර චැටර්ජි වැනි කිහිප දෙනෙක්ම කොරෝනා වසංගතය හමුවේ ගොදුරු බවට පත් වූ අතර බාලසුබ්‍රමනියම් සහ චැටර්ජි දෙදෙනාට ජිවිතයෙන් සමුගනිමටද සිදුවිය.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *