පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ අද විවෘත කෙරේ

 පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ අද විවෘත කෙරේ

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද (20) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

වෙළෙඳසැල් 1192 ක් සහ වාහන 600 ක් නැවැත්වීමේ පහසුකම් සහිත රථ ගාලකින් මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණය සමන්විත වේ.

මීට අමතරව සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා, හෝටල් ඇතුළු පහසුකම් රැසකින් මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණය සමන්විත වීම විශේෂත්වයකි.

කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට එක් විසඳුමක් ලෙස හා ජනතාවගේ පහසුව ඇතුළු අරමුණ කිහිපයක් වෙනුවෙන් පෑලියගොඩ මෙම වෙළෙඳ සංකීර්ණය ස්ථාපනය කිරීමට යහපාලන රජය සමයේ මෙගා පොලිස් අමාත්‍ය ධූරය දැරූ පාඨලී චම්පික රණවක මහතා කටයුතු කළේය.

Hansani Chathurani

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *