447
You are here
Home > SPORTS (Page 2)

ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඇලෙස්ටෙයා කුක් ඉවත් වෙයි !

ඇලෙස්ටෙයා කුක් එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ. එංගලන්ත ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවියේ දැක්වුණේ, ඔහුගේ ඉල්ලා අස් වීම පිළිබඳ තීරණය අද(06) එරට ක්‍රිකට් ආයතනයට ප්‍රකාශ කර ඇති බවයි. ඇලෙස්ටෙයා කුක් එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය පත් වූයේ, 2012 වසරේ අගෝස්තු මාසයේදී ය. කුක් ටෙස්ට් තරග 59 ක් සඳහා එංගලන්ත කණ්ඩායමට

T20 තරගාවලියේ නායකත්වයට උපුල් තරංග !

එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරයේ T20 තරගාවලියේ නායකත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්  උපුල් තරංග පත්කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ පාදයේ පවතින ආබාධය හේතුවෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

දෙවන තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 121 ක ජයක් ! (Video)

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 121 ක පරාජයක් හිමිවිය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක උපුල් තරංගගේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 307 ක් රැස්කළේ කඩුලු 6 ක් වැයකරමිනි. ඩු ප්ලෙසි හා ඩේවිඩ්

ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු අත තීරණ රැදුණු තරගයක්

නවසීලන්ත කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර නවසීලන්තයේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (30දා) නවසීලන්තයේදී පැවැතියේය. මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් විනිසුරන් හා තරග තීරකයන් ලෙස එක්වීය. ඒ අනුව පිටියේ විනිසුරුවරයෙකු ලෙස ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරග ක්‍රීඩා කළ මෙන්ම වත්මන් අයි.සී.සී. විනිසුරුවරයෙකු වෙන රුචිර පල්ලියගුරුගේ මහතා කටයුතු

පළමු විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාව පරදා එංගලන්තය ජය ලබයි ! (Video)

ඉන්දියාවේ ඛාන්පූර්හිදී එංගලන්තය සමග පැවති පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව කඩුලූ 07කින් ඊයේ(26) පරාජයට පත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවට නියමිත පන්දුවාර විස්සේ දී ලබාගත හැකි වූයේ ලකුණු 147 ක් පමණි. එහිදී මහේන්ද්‍ර සිං දෝණි නොදැවී ලකුණු 36 ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේ දී මොයින් අලි ලකුණු 21 කට

ලෝකයේ වේගවත්ම මිනිසාට රන් පදක්කමක් අහිමි වෙයි !

ඔලිම්පික් රන් පදක්කම් 9 ක හිමිකරුවකු වන ලෝකයේ වේගවත්ම මිනිසා ලෙස හඳුන්වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට්ට එක් රන් පදක්කමක් නැවත භාරදීමට සිදුව තිබෙන බව වාර්තා වේ. ඒ 2008 බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 සහාය දිවීමේ ඉසව්වට ඔහු සමගින් සහභාගීවූ ක්‍රීඩකයෙකු තහනම් උත්තේජක භාවිත කළ බවට තහවුරු වීම හේතුවෙනි. 2008 බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී

විස්සයි විස්ස තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට ! (Video)

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කර දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (25) සමත් විය. ඒ අනුව දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකා කණ්ඩායමක් පරාජය කර පළමුවරට විස්සයි 20 තරගාවලියක් ජයගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. නිව්ලෑන්ඩ්ස් පිිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම

කෝ කුකුළා ?

චීන ජාතිකයන්ට අනුව මේ කුකුළා ගේ වර්ෂයයි. ලොව බොහෝ දෙනා අතර අති ජනප්‍රිය මොළය වෙහෙසවන ‘බ්‍රේන්ටීසර්’ විනෝදාංගයේ නවතම නිර්මාණය ද සෑදී ඇත්තේ මෙම තේමාව ඔස්සේය. තැඹිලි හා ක්‍රීම් පැහැ කිකිළියන් රැසක් අතර සිටින කුකුළෙකු සෙවීම මෙහි අභියෝගයයි. කිකිළියන්ට අමතරව ඡායාරූපයේ ඇති රන් කාසි ද රතු හා තැඹිලි පැහැ චීන ලන්තෑරුම් මෙම

ලංකාවේ පළමුවරට ජාතික සුමෝ තරඟාවලියක් !

ශ්‍රී ලංකාවේ පළමු ජාතික සූමෝ තරඟාවලිය අද(25) කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේදී පැවැත්වේ. ක්‍රීඩක ක්‍රිඩිකාවන් 200 කට අධික පිරිසක් තරඟාවලිය සඳහා සහභාගිවීමට නියමිත බව ක්‍රිීඩා අමාත්‍යාංශය පවසන අතර ශ්‍රී ලංකා සූමෝ සංගමය මෙම තරඟාවලිය සංවිධාන කරනු ලබයි.

තියුණු සටනකින් ශ්‍රී ලංකාවට ජය ! (Video)

ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පිති හරඹය හේතුවෙන් දකුණු අප‍්‍රිකාව සමග පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගය කඩුලු 03 කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (22) රාත‍්‍රියේ සමත් විය. ජොහැන්නස්බර්ග් නුවර පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම ලකුණු 113 කට සීමා කිරීමට ශ‍්‍රී ලංකා පන්දු

Top