You are here
Home > POLITICS (Page 2)

ඩොනල්ඩ් ට්‍රම්ප් අද ඊශ්‍රාලයට, ඊශ්‍රායල් – පලස්තීන අර්බුදය සම්බන්ධව සාකච්ඡා !

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද(22) නිල සංචාරයක් සඳහා ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සංචාරයේදී ඇමරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායල් - පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් ඍජු මැදිහත්වීමක් සිදුකරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබෙන්නේ. පසුගිය සෙනසුරාදා සෞදි අරාබිය වෙත පැමිණි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(21) එරට මුස්ලිම් ව්‍යාපාරික සමුළුවක් ද අමතනු

ජාතික ආණ්ඩුවේ පළමු කැබිනට් සංශෝධනය අද !

වත්මන් ජාතික ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද(22) සිදු කිරීමට නියමිතය. සියලුම කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට අද පෙරවරු 8.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුම් දී තිබේ. අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඊයේ(21) පස්වරුවේ සාකච්ඡා කර තීරණයකට එළඹ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම

මේ සයිටම් එකයි මීතොටමුල්ලයි 90%ක් ම පහුගිය ආණ්ඩුවේ…(VIDEO)

සයිටම් සහ මීතොටමුල්ල ගැටළු දෙකටම පසුගිය ආණ්ඩුව 90%ක් ම වගකිව යුතු අතර අද එම ගැටළු විසඳීමට පියවර ගැනීමට වත්මන් ආණ්ඩුවට සිදුව ඇතැයි අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පවසනවා. එවක තිබු සංවෘත ආර්ථික ක්‍රමය බිඳදමා විවෘත ආර්ථික ක්‍රමය රට තුල ස්ථාපිත කලද මෙම ක්‍රම දෙකෙන්ම රට දියුණු කරන්නට තවමත් නොහැකි වී ඇත්තේ

පුංචි ඡන්දය ප්‍රමාදවීමට හේතුව මැකෝ පහදයි…(VIDEO)

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටවනු ලැබූ ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රමාදවීමට හේතු පැහැදිලි කළා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික පොලිස්

කැබිනට් මණ්ඩලයෙන් හරි අඩක් කාන්තාවන්ට !

කලින් ප්‍රතිඥා දුන් පරිදි ස්ත්‍රී පුරුෂ සමාන නියෝජනයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් කටයුතු කිරීමට සූදානම් බව වාර්තා වේ. ඒ අනුව කැබිනට් ඇමති ධුර විසි දෙකෙන් එකොළහක් කාන්තාවන්ට හිමිවන අතර ආරක්ෂක අමාත්‍ය ධුරය සහ ක්‍රීඩා ඇමති ධුරය ද ඊට ඇතුළත් බව ද වාර්තා වේ. මේ වනවිට සිල්වි ගුලාර්ඩ්

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය 35 වසරක උතුම් සේවාව සමරයි…

පුද්ගලික අංශයේ නිලධාරීන්ට වඩා රාජ්‍ය අංශයේ නිලධාරීන් තීන්දු තීරණ ගැනීමේදී මැලිකමක් දක්වන බව රාජ්‍ය පරිපාලන අමත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය 35 වසරක සිය උතුම් සේවාව සැමරීම වෙනුවෙන් ඊයේ (16) එම ආයතනයේ පැවති උත්සවදී එතුමා ඒ බව සඳහන් කලා. වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කලේ ඇති දක්ෂ

උතුරු මැද පළාත් සභාවේ වාරිමාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන සහ කාන්තා කටයුතු ඇමති ඉවතට !

උතුරුමැද පළාත් සභාවේ වාරිමාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එච්.බී. සේමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර, එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී සරත් ඉලංගසිංහ පත් කර තිබෙන බව වාර්තා වේ. අද(17) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක ඉදිරියේදී ඔහු ඔහු එම අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.

එජාපය මැතිවරණයකට සූදානම් !

එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකට සූදානමින් සිටින බවත් මැතිවරණයක් පැවැත්වුවහොත් ඕනෑම අවස්ථාවක බලය ලබා ගැනීමේ හැකියාව එක්සත් ජාතික පක්ෂයට පවතින බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මධ්‍යම පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට සූදානමක් පවතින බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.   

මහනුවරදී පෞද්ගලික බස් හිමියෝ රටේ නම රකිති

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් සමාප්ති උලෙළට සහභාගි වීම සදහා විශේෂිත දුම්රියකින් මහනුවරට පැමිණි දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් සඳහා සැලකිය යුතු ප්‍රවාහන පහසුකම් සපයා නොතිබීම හේතුවෙන් ඔවුහු දැඩි අසීරුතාවකට මුහුණ දුන්හ. කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය පෙරවරු 10.20 ට ළඟාවීමට නියමිත වුවද, පෙරවරු 10.00 පමණ වන විට දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට

සංස්කෘතික සංදර්ශනය ශ්‍රී ලංකා සහ නේපාල ජනපතිවරුන්ගේ ප්‍ර‍ධානත්වයෙන්

එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල සහ ලෝක බෞද්ධ සමුළුව නිමිත්තෙන් සංස්කෘතික සංදර්ශනයක් අද (13) පස්වරුවේ නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්විණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි බන්ඩාරී මහත්මියගේ ප්‍ර‍ධානත්වයෙන් මෙම සංස්කෘතික සංදර්ශනය ආරම්භ කෙරිණි. ශ්‍රී ලාංකීය නර්තන සංදර්ශන ඇතුළු චීනය, වියට්නාම් සහ ඉන්දීය නර්තන අංග රැසකින් මෙම සංස්කෘතික සංදර්ශනය සමන්විතය

Top