376
You are here
Home > POLITICS

පෙරපාසලේදී පවා උද්ඝෝෂණ කරමින් “විජය සමග දේශපාලනය කල බව” චතුර ඔප්පු කරයි! (Photos & Video)

මේ දිනවල සමාජජාල ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වන චරිතයක් වී ඇත්තේ රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නයි. ඔහු දිනක් මාධ්‍ය සාකච්ඡාවකට පැමිණ තමන් පෙරපාසැල් යන වයසේදී විජය කුමාරතුංග සමඟින් දේශපාලනය කළ බවට පැවසූ අතර ඒ තරම් කුඩා වයසකදී දේශපාලනය කරන්නේ කෙසේදැයි මොහුගෙන් BBC සංදේශය ඔස්සේ අසාම් අමීන් මාධ්‍යවේදීයා ඊයේ (23) ප්‍රශ්න

ජනපති සහ චීන කොමියුනිස්ට් පක්ෂ සමාජිකයන් අතර හමුවක් !

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුවේ සභාපති Song Tao මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් අද(23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය. 

හිටපු පාලකයාට මාස 20 ක සිර දඬුවමක් !

හොංකොං දේශයේ හිටපු නායක ඩොනල්ඩ් සන් හට මාස 20 ක සිර දඬුවමක් නියම කර තිබේ. ඒ, විෂමාචාර චෝදනාවකට වරදකරුවීම හේතුවෙනි. ඔහු එරට පාලකයා ලෙස කටයුතු කළ සමයේ චීනයේ සු‍ඛෝපභෝගී මහල් නිවාස ගනුදෙනුවක් සම්බන්ධයෙන් නීත්‍යානුකූල නොවන අයුරින් කටයුතු කර ඇති බව අධිකරණය තීන්දුකොට තිබේ. වසර 2005 සිට 2012 දක්වා හොංකොං දේශය පාලනය කෙරුණේ සන්

උතුරු පළාතේ අගනගරය ලෙස ‘මාන්කුලම්’ සංවර්ධනයට !

උතුරු පළාතේ අග නගරය ලෙස මාන්කුලම් සංවර්ධනය කිරීමේ සැලැස්මක් නාගරික සංවර්ධන අධිකාරියට ලබාදී ඇති බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඊයේ(22) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාඨලී චම්පික අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය. අදාළ නගර සැලසුම් පමණක් නාගරික සංවර්ධන අධිකාරියෙන් සිදුකරන අතර, රාජ්‍ය ආයතන

ජා.නි.පෙ. සන්ධානයෙන් ඉවතට !

ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වන බව පාර්ලිෙම්න්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතා ඊය‍ේ(22) පාර්ලිමේන්තුවේ දී  පැවසීය. ඒ අනුව තමා ඇතුළු අනෙක් මන්ත්‍රීවරුන්ට වෙනම කටයුතු කිරිමට  අවස්ථාව ලබාදෙන ලෙස විමල් වීරවංශ මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒම ඉල්ලීම සලකා බලා  පසුව තීන්දුවක් දෙන බව කතානායක කරු ජයසූරිය මහතා එහිදී පිළිතුරු ලබාදෙමින් පවසා තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සංක්‍රමණික ප්‍රතිපත්ති තවත් දැඩි කරයි !

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සංක්‍රමණික ප්‍රතිපත්ති තවත් දැඩි කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව නීතිවිරෝධී ලෙස ඇමරිකාව තුළ රැදී සිටින සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම සඳහා නව උපදෙස් මාලාවක් ද නිකුත් කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි. මෙහි පළමු පියවරක් ලෙස අනන්‍යතාවය තහවුරු කිරීමේ ලිපි ලේඛන නොමැතිව ඇමරිකාව

වත්කම් ප්‍රකාශය ලබාදුන් එකම ජනපතිවරයා මමයි – ජනපති

වත්කම් ප‍්‍රකාශය ලබාදුන් එකම ජනාධිපතිවරයා තමා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි. දේශපාලනඥයින් සහ රාජ්‍ය නිළධාරින් තම කාර්යභාරය විවෘතව ඉටුකරන්නේ නම් කිසිදු ගැටලුවක් මතු නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා එම පූර්වාදර්ශය ඉහළින් ලැබිය යුතු බව ද අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ, පසුගියදා අරලියගහ මන්දිරයේ පැවති තොරතුරු දැන ගැනීමේ පනත කි‍්‍රයාවට නැංවීමේ

සීමා නිර්ණය ගැසට් කිරීමෙන් පළාත් පාලන අමාත්‍යංශයට ඇඟ බේරාගත නොහැකියි – මහින්ද දේශප්‍රිය

සීමා නිර්ණය කිරීමේ වාර්තාව ගැසට් කිරීමෙන් පමණක් පළාත් පාලන මැතිවරණය කැඳවිය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. පළාත් පාලන මැතිවරණය කැඳවීමට විශය භාර අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතන වල නව සභික ධූර සංයුතිය අඩංගු ගැසට් පත්‍රයද නිකුත් කළ යුතු බවත්, ඊට අමතරව පළාත් පාලන පනතේ සංශෝධන පාර්ලිමේන්තුවේදී සම්මත විය යුතු

පාසල් තුල විනය රකින්න නව ක්‍රමවේදයක්..

පාසල් විනය සම්බන්දයෙන් කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා නව විදි විධාන හදුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පාසල්වල විනය සම්බන්ධයෙන් කටයුතු කරද්දී විදුහල්පතිවරුන්ට ඇතිවන අපහසුතා වැලැක්වීමේ අරමුණින් චක්‍රලේඛ හා නීති රීති වෙනස් කිරීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්

අගමැති යලි දිවයිනට…

දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙන්ම කලාපයටම වැදගත් වන කරුණු රැසක් පිළිබඳ මව්බිමට වාසි රැසක් අත්කර දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාර්ථක ඕස්ට්‍රේලියා නිල සංචාරය අවසන් කර දිවයිනට පැමිණියා. මෙය 1954 වසරෙන් පසු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයෙකු ඕස්ට්‍රේලියාවේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත වු පළමු අවස්ථාවයි.ශක්තිමත් ආර්ථික වර්ධනයක් සහ ජාතික

Top