382
You are here
Home > CULTURE&ART

ඉක්මන කොටයි…හෙමින් ගමන හොඳයි – ශලනි තාරකා!

හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වන "වස්සාන ප්‍රේමය" දිගු ටෙලි නාට්‍යයේ "අස්තා" ලෙස චරිත මැවූ ශලිනි තාරකා මේ දිනවල අලුත්ම ටෙලි නාට්‍යයක් තුළින් ඔබ හමුවට පැමිණෙයි. ඒ, ලිලන්ත කුමරිසිරි අධ්‍යක්ෂණය කරන "මුතුමලි" ටෙලි නාට්‍යය තුළිනි. සිය අලුත්ම ටෙලි නාට්‍යය හා ඉදිරි කලා කටයුතු පිළිබඳව පැවසීමට ඇය "තරුණයා" සමග මෙලෙස එක්වූවාය. ශලනි ගොඩක්

වසර 400 ක් පැරණි පානදුර ගොරකාන පුරාණ විහාරස්ථානයට කෞතුකාගාරයක් ! (Photos)

වසර හාරසීයක ඉතිහාසයකට හිමිකම් කියන පානදුර, කෙසෙල්වත්ත, ගොරකාන පුරාණ කන්දේ විහාරයේ ඉදිකෙරුණු නව කෞතුකාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) පස්වරුවේ විවෘත කෙරිණි.   වසර 400 ක් පැරණි ගොරකාන පුරාණ කන්දේ විහාරය වෙත ජනාධිපතිවරයෙකු පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර ගොරකාන පුරාණ කන්දේ

දඹුලු ලෙන් සිතුවම් සංරක්ෂණයට ඉතාලියේ සහ ජපානයේ සහාය !

දඹුලු ලෙන් සිතුවම් සංරක්ෂණය සඳහා ඉතාලියේ සහ ජපානයේ සහය ලබා ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඊට අදාළ මුලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි. මෙම සිතුවම් ඉතාලි ජාතික විශේෂඥ මාටියා ස්මිත් මහතාගේ අවධානයට යොමු කර ඇති බව ප්‍රිශාන්ත ගුණවර්ධන

කෑගල්ල බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ 36 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ ! (Photos)

කෑගල්ල, නාපේ  ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු 36 රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ(15) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඊයේ පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. ඉන් අනතුරුව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට එක්විය. ශ්‍යාමෝලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක

අම්මේ ටියුට් ගන්න රු.1000 ක් – පෙම්වතුන්ගේ දිනය සමරන්න මවට බොරු කී පුතෙකු ගැන හැමෝගෙම හදවතට දැනෙන කතාවක්!

පෙම්වතුන්ගේ දිනය සමරණ අද දවසේ සමාජජාල ඔස්සේ ඒ පිළිබඳව විවිධ කතිකාවත් මැවෙමින් පවතිනවා. ඒ අතර පෙම්වතුන්ගේ දිනයදා බොහෝ දෙනෙකු නොසිතන පැතිකඩක් පිළිබඳව ඩිලාන් දර්ශන නම් අයෙකු විසින් අපූරු සටහන අන්තර්ජාලයේ පළකර ඇති අතර එයින් කියැවෙන්නේ පෙම්වතුන්ගේ දිනයට සූදානම් වන පෙම්වතෙකු ගැනයි. ඔහු තවමත් පාසැල් යන වියේ පසුවන අයෙක් වන අතර පෙම්වතුන්ගේ

“ත්‍රිපිටකය ලිවීමට පසුබිම්වුණු කතා අපි දැක්කේ මේ චිත්‍රපටයෙන්” – අගරදගුරුතුමා

පසුගියදා පැවති “ආලෝක උදපාදී” මංගල දර්ශනය නැරඹීම සදහා කොළඹ චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවට පැමිණි අගරදගුරු ඇති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා එම චිත්‍රපටය නැරඹීමෙන් පසු කළ අදහස් දැක්වීමේදී පවසා සිටියේ ආලෝක උදපාදී චිත්‍රපටය මගින් ත්‍රිපිටකය ලිවීමට පසුබිම්වුණු කතා පුවත දැනගැනීමට ලැබුණු බවයි. වීඩියෝව පහතින් බලන්න. https://youtu.be/svlqnxpy7Aw https://youtu.be/I6tyJX7ktbY

ජාතික සංකේතවලට භාරකාරයෙක් නෑ!

ජාතික කොඩිය, ජාතික ගීය හැරුණු විට අනිකුත් ජාතික සංකේතවල වගකීම ගැනීමට කිසිදු අමාත්‍යාංශයක් හෝ කාර්යාලයක් නොමැති බව කළ සොයා බැලීමකදී දැන ගන්නට ලැබුණි. ජාතික ගීය හා ජාතික කොඩිය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් වුවත් ජාතික පුෂ්පය (මානෙල් මල) ජාතික පක්ෂියා (වළි කුකුළා) ජාතික සත්වයා (දඬු ‍ලේනා) මෙන්ම ජාතික වෘක්ෂය (නා ගස) පිළිබඳ

බාහිර ආලේපන වලින් පමණක් සුන්දර විය හැකිද?

ලස්සන වන්නට බාහිරින් යොදන ආලේපන ගැන පමණයි අප උනන්දු වන්නේ. නමුත් ශරීරයට ගුණ දෙන ආහාර පාන වර්ග මගින් ලස්සන වීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට පුලුවන්. අප මොනතරම් ආලේපන බාහිරින් ගැල්වුවත් ඊට වඩා ශරීරයේ අභ්‍යන්තරයට ගනු ලබන ආහාරපාන රූ සපුව සදහා වැදගත් වෙනවා. ශරීරයට සුන්දරත්වයක් ලැබීම සදහා කාබෝහයිඩ්‍රෙට්, ප්‍රෝටීන්, කැල්සියම් අඩංගු

“ආලෝක උදපාදී ඓතිහාසික තොරතුරු දැඩි උත්සාහයකින් කලාත්මකව ඉදිරිපත් කළ චිත්‍රපටයක්”

පසුගියදා පැවති “ආලෝක උදපාදී” මංගල දර්ශනය නැරඹීම සදහා කොළඹ චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවට වැඩම කළ මල්වතු පාර්ශවයේ අති ගෞරවනීය අනු නායක ආචාර්ය නියංගොඩ විජිතසිරි නාහිමියන් එම චිත්‍රපටය නැරඹීමෙන් පසු කළ අදහස් දැක්වීමේදී පවසා සිටියේ ආලෝක උදපාදී චිත්‍රපටය යනු අපගේ ඓතිහාසික තොරතුරු දැඩි පරිශ්‍රමයක් ගැනීමෙන් පසු කලාත්මකව නිර්මාණය කරන ලද චිත්‍රපටයක්

සීගිරිය බලන්න ප්‍රවේශපත් අන්තර්ජාලයෙන්!

සීගිරිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම අන්තර්ජලය හරහා සිදුකිරීමට රජයේ අවධානය යොමුව තිබේ. සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට ඇතිවන අපහසුතා සහ තදබදය වළක්වාලීමේ අරමුණින් අන්තර්ජාලයෙන් ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමට මෙසේ අවස්ථාව ලැබී තිබේ. සීගිරියේ ස්ථාපිත කර ඇති සංචාරක ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම් මධ්‍යස්ථානයේදී මෙම පහසුකම් එළැඹෙන 11 දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්

Top