You are here
Home > LATEST NEWS > සුදර්ශණ අලුත් තැන වැඩ අරඹයි!

සුදර්ශණ අලුත් තැන වැඩ අරඹයි!


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා රජයේ වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස අද පෙරවරුවේ වැඩ භාරගත්තේය. 

එහිදී අදහස් දැක්වු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය නීතීඥ ගුණවර්ධන මහතා කැපවීමක් සහිත දක්‍ෂ නිලධාරියෙකු ලෙස හදුනාගෙන ඇති බව පැවසුවාය.  නව තනතුරේ වැඩකටයුතු කරගෙනයාම සදහා අමාත්‍යංශයෙන් ලබාදිය හැකි සියඵ සහාය ඔහුට ලබාදෙන බවට ඇය සහතික වුවාය.  හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සුරිය මහතා ද සිය ධුර කාලය තුළදී තීරණාත්මත  මෙහෙවරක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉටුකළ බව අතිරේක ලේකම්වරිය සදහන් කළාය.  ආචාර්ය රංග කලන්සුරිය මහතාගේ දායකත්වය ඉදිරියේදීද එම කටයුතු සදහා ලැබෙනු ඇතැයි ඇය විශ්වාසය පල කළාය.

හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සුරිය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි යන මහත්වරුද අදහස් දැක්වුහ.

– SLBC


Comments

comments

Loading...

Leave a Reply

Top