You are here
Home > DEVELOPMENT > යොවුන් සංවාද සමුලුව 2017 ( Youth Speak Forum 2017) රටා වෙනස් කරන තරුණ සමුලුවට ඔබත් එන්න

යොවුන් සංවාද සමුලුව 2017 ( Youth Speak Forum 2017) රටා වෙනස් කරන තරුණ සමුලුවට ඔබත් එන්න


රටේ ලෝකයේ සිදුවන දේ ගැන ඔබගේ අදහස ඉදිරිපත් කීරීමට, විද්වතුන් වෘතීයවේදීන් සමග සාකච්චා කිරීමට,තරැණ ඔබේ හඩට මතයට වේදිකාවක් තැනීම අරමුණු කරගනිමින් මොරටුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් විසින් සංවිධානය කරනු ලබන යොවුන් සංවාද සමුලුව ඔක් 14 (සෙනසුරාදා) මරදාන Trace expert city හීදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඔබත් මේ ලෝකයේ අනාගතය යහපත් තැනක් වීමට කැමති ජව සම්පන්න ,උගත් ,බුද්ධිමත් නායකත්ව ලක්ෂණ හිමි තරැණයෙක් නම් මෙම වැඩසටහන සම්බන්ධ වී ඔබගේ අදහස් හුවමාරු කරගන්න.

1.Youth Speak Forum යනු කුමක්ද?

ලෝකයේ පවතින තත්වය හා ප්‍රශ්න පිලිබදව කතා කිරීමට නවමු විසදුම් හා අදහස් බෙදා ගැනීමට විවිද වෘතීය පසුබිම් වල විවිධ අදහස් දරන විවිධ වයස් කාණ්ඩ වල තරැණ පිරිස් එකතු වන ස්ථානයක් ලෙස  youth speak forum හැදින්විය හැක.

2.ඇයි එය තාරැණ්‍යට වැදගත්?

විවිධ ක්ෂේත්‍ර වල ඉදිරියෙන් සිටින අය සමග කටයුතු කර ඔවුන්ගෙන් ඉගෙන ගැනීමට සබදකම් විවර වීම. -පෞරශත්වය හා නායකත්ව සංවර්ධනය. -සාර්ථකත්වය උදෙසා ආර්ථික හා පරපාලන ආදිය ගැන වැදගත් දේ ඉගෙන ගැනීමට හැකි වීම. -විවිධ වටිනා පුද්ගලයින් සමග සබදතා පැවැත්වීමට දොරගුලු විවර වීම.

3.මෙවර  youth speak Forum හි සිදුවන දේ කුමක්ද?

එක්සත් ජාතීනගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතරින් 2ක් වන, 1.ආරථික සංවර්ධනය වේගවත් කිරීම හා සේවා වියුක්තිය අවම කිරීම. 2.යටිතල පහසුකම් සංවර්ධනය හා නව්‍යකරනයට අත දීම. යන කරැණු පිලිබදව කතා කිරීම. එමෙන්ම එය විවිධ දේෂන, කණ්ඩායම් ක්‍රියාකාරකම් , වැඩමලු මා සාකච්ඡා වලින් සමන්විත වේ.

මෙහි ප්‍රධාන දේශන පවත්වනු ලබන්නේ, – codgen පුද්ගලික සමාගමේ CEO Dr.හර්ෂ සුබසිංහ – දියුනු වන ලෝකයේ හොදම යොවුන් විද්‍යාඥයා සම්මානය දිනා ගත්, මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරැ පීඨයේ මහාචාර්ය රංගික හල්වතුර යන විද්වතුන් විසිනි.

ස්ථානය: Trace expert city, කොලඹ 10 දිනය: 2017 ඔක්තෝබර් 14 වේලාව: පෙ.ව.7.30 සිට ප.ව.5.30 දක්වා


Comments

comments

Loading...

Leave a Reply

Top