You are here
Home > EDUCATION > හෙට(13) ලෝක “තිසරපට රහිත දිනය” – NO BRA DAY සමරන්න එකතුවන්න!

හෙට(13) ලෝක “තිසරපට රහිත දිනය” – NO BRA DAY සමරන්න එකතුවන්න!


හෙට (ඔක්තෝම්බර් 13) ලෝක තිසරපට රහිත දිනය ලෙස නම් කර තිබේ. ශ්‍රී ලංකාවේ අපට නම් එය තරමක් අමුතු දෙයක් වුවත්, යුරෝපයේ කාන්තාවන් අතර නම් බොහෝ ජනප්‍රියයි.

හෙට දිනයේදී ලොව පුරා කාන්තාවන් රැසක් මෙම දිනය වෙනුවෙන් සිය සහයෝගය දක්වනවා.

අපට මෙය ලිංගික උත්ප්‍රාසය දනවන කරුණක් වුවත් තිසර පට රහිත දිනය සැමරීම පසුපස ඇති සැබෑ කතාව නම් ඉතා වැදගත්.

ඔක්තොම්බර් මාසය සැලකෙන්නේ කාන්තාවන්ගේ පියයුරු පිළිකාවන් පිළිබඳව අවධානය යොමු කිරීමේ මාසය ලෙසයි. එම මාසයේ මැද දිනයක් වන 13 වනදා ලොව පුරා කාන්තාවන් තිසර පට රහිතව සිය දෛනික රාජකාරි වල නිරත වෙමින් කටයුතු කරනුයේ පියයුරු පිළිකා පිළිබඳව මහජන අවධානය යොමු කිරීමටයි.

ලොව පුරා ව්‍යාපාරිකයින් විසින් මෙම දිනය සිය වෙළඳ අරමුණු වෙනුවෙන් යොදා ගනු ලැබූවද 2011 සිට මෙම දිනය සමරන්නේ පිළිකාව පිළිබඳව ලොව පුරා කාන්තාවන් දැනුවත් කිරීමට බව ඔබේ මතකයේ තබා ගන්න.


Comments

comments

Loading...

Leave a Reply

Top