You are here
Home > LOCAL NEWS > වැරදිලා නගරාධිපතිවෙලා – සත පහක්වත් වංචා නොකර – කුලී ගෙදර ඉදන් කුලියට හයර් දුවන – කොළඹ හිටපු නගරාධිපති (VIDEO)

වැරදිලා නගරාධිපතිවෙලා – සත පහක්වත් වංචා නොකර – කුලී ගෙදර ඉදන් කුලියට හයර් දුවන – කොළඹ හිටපු නගරාධිපති (VIDEO)


ඔවයිස් මොහමඩ් ඉමිතියාස් 2006 -2009 දක්වා කොළඹ නගරසභාවේ නගරාධිපතිවරයා විය.එජාප ලැයිස්තුව ඉදිරිපත් කිරීමේදී සිදුවූ අත් වැරැද්දක් නිසා කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ එජාප ලැයිස්තුව ප්‍රතික්ෂේප විය.මේ හේතුවෙන් ඇස්කණ්නාඩිය යටතේ තරඟ කල ස්වාධීන පක්ෂයකට ඔවුන් සහය පළ කලේය.

එවකට සිටි ප්‍රතාපවත් දැවැන්ත චරිත පරාජය කල ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වැදි වාසුදේව නානායක්කාර පවා පරාජයට පත් කලේය.

ඔවයිස් මොහොමඩ් උපත ලැබුවේ මට්ටක්කුලිය කදිරානවත්ත ප්‍රදේශයේ දිළිඳු පවුලකයි.ඔහුගේ පියා කොළඹ නගරසභාවේ දැනටද කම්කරුවෙක් ලෙස සේවය කරයි. ඉහළ අධ්‍යාපනයක් ලැබීමට නොහැකි වූ ඔවයිස් ඉමිතියාස් ගේ රැකියාව වූයේ මට්ටක්කුලිය කාකදූපත අසල ත්‍රීරෝද රථයක් පැදවීමයි.

ඔහු නගරාධිපති වූ පසුවද කොළඹ සිටිනා ධන කුවේරයන් ,මිලියන පතින් සමඟ නොව සාමාන්‍ය ජනතාව සමඟ සිටි නායකයෙකි.ඔහු නගාරාධිපති වූ පසු ඔහුගේ පියාව වෙනත් උසස් තනතුරකට පත් නොකරන්නේ බලය නොමැති විටක මේ තනතුරු නම්බුනාම කිසිත් නොලැබෙන නිසාය.

තමා නගරාධිපති ධුරයේ සිටින විට අයතා ලෙස මිල මුදල් හම්බ නොකළ ඔහු නගරාධිපති ධූරය සතු අසීමිත බලතල පාවිච්චි නොකල අයෙකු වූ නිසා නගරාධිපති ධුරය අහිමිවූ විටද නැවත ඔහුගේ රැකියාව බවට පත්වූයේ ත්‍රීරෝද රථ වෘත්තියයි.ඔහුට ජීවත් වන්නේ කුලී ගෙයක බව තව දුරටත් වාර්තා වේ.

සමහර දේශපාලකයන් කෝටි ප්‍රකෝටි මුදල් හම්බ කරමින් සුරසැප විඳිනා විට මෙවන් මිනිසුන් සිටීම අප සියලු දෙනා අගය කල යුතුය.ඔවයිස් මොහොමඩ් ඉමිතියාස් 2016 වර්ෂයේ කොළඹ නගරසභාවේ පැවැත්වූ උත්සවයකට පැමිණීමට අවශ්‍ය ඇඳුම් මිලදී ගන්නේ තමාගේ බිරිඳගේ කරාබු උකස් කරමිනි.මේ වනවිට ඔහු පත්ව ඇති තත්වය ඉතා කේදනීය වේ.හරි ආකාර රැකියාවක් නොමැතිව ජීවත් වීමට ගෙයක් නොමැතිව කුලී නිවසක ජීවත් වෙමින් 2006-2009 කොළඹ නගරාධිපති ප්‍රදර්ශනය කරන්නේ ඔහු රටට ඉතිරි කල මුදලයි.ඔහු මහජන මුදල් ගසා කෑ වානම් අද ඔහු ට මෙවන් ඉරණමක් අත් නොවනු ඇත.බලය පසුපස හති වැටී පිස්සු බල්ලන් මෙන් දුවනා දේශපාලකයන්ට ඔවයිස් මොහොමඩ් පූර්වාදර්ශයකි.හොරුන් ඩීල් කරුවන් නොව මෙවන් ජනතා හිතවාදී නායකයන් ශ්‍රී ලංකාවට අවශ්‍ය කාලය උදාවී ඇත.


Comments

comments

Loading...

Leave a Reply

Top