You are here
Home > FOREIGN > උතුරු කොරියානු නායකයා සිය පැරණි පෙම්වතියට කල දේ (PHOTOS)

උතුරු කොරියානු නායකයා සිය පැරණි පෙම්වතියට කල දේ (PHOTOS)


උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් තම හිටපු පෙම්වතිය වූ සුරූපී හයිසොන් සොන් වෙල් එරට කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ගායිකාවක වන ඇය මොරන්ඩොන් නමැති සංගීත කණ්ඩායමේ  නායිකාවද වනවා.

ඇය චීනයේ සංගීත සංදර්ශනයක දී එහි බලධාරීන් සමග ගැටුමක් ඇති කරගත් පුවතක් ද මිට පෙර වාර්තා වුනා.

මේ අතර තම සහෝදරියට වැඩි බලතල ලබා දෙමින් රටේ වැදගත්ම තීරණ ගන්නා බලමණ්ඩලයට ඇය පත් කිරීමට උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් පියවර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.  

හිටපු නායක කිම් ජොන්ග් ඉල් ගේ බාලම දියණිය වන කිම් යෝ ජොන්ග් පාලක පක්ෂයේ දේශපාලන බලමණ්ඩලයේ සාමාජිකත්වයට පත්වන්නේ ඇයගේ නැන්දණිය වෙනුවට යි.

පාලක පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වය කිම් යෝ ජොන්ග් ට හිමි වුයේ මීට තුන් වසරකට පෙර ය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු 1948 දී උතුරු කොරියාව ස්ථාපිත වූ දා පටන් මේ දක්වා රට පාලනය කරනු ලබන්නේ ‘කිම් පවුල’ විසින්.

රටේ දේශපාලන තීරණ ගන්නා ඉහළම මණ්ඩලයට උසස් කෙරුණු කිම් යෝ ජොන්ග් ගේ නම එක්සත් ජනපදය විසින් අපලේඛනගත කොට තිබෙනවා.

මානව හිමිකම් උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනා මතයි.
 
පක්ෂ රැස්වීමක දී ඇයගේ උසස්වීම නිවේදනය කරනු ලැබ ඇත්තේ නායක කිම් ජොන්ග් උන් විසින්.

 


Comments

comments

Loading...

Leave a Reply

Top