You are here
Home > GOSSIP > ලබන වසරේ සිට වාහන වලට එන ඩිජිටල් අංක තහඩුව මෙන්න

ලබන වසරේ සිට වාහන වලට එන ඩිජිටල් අංක තහඩුව මෙන්න


අධි තාක්ෂණයෙන් යුත් අංක තහඩුවක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කරමින් පවතිනවා.

ලබන වසරේ මැද භාගය වනවිට එය මෙරට වාහන සඳහා හඳුන්වාදීමට අපේක්ෂා කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි පවසනවා.

නව අංක තහඩුවේ අධිතාක්ෂණ සළකුණක් සවි කරන අතර එය ඉදිරියේදී ස්ථාපිත කෙරෙන ග්‍රාහක කුළුණු මගින් හඳුනාගැනීමට හැකියාව ලැබෙනවා.

මේ සඳහා රේඩියෝ තරංග තාක්ෂණය යොදාගැනීමට නියමිතයි.

මෙම අධිතාක්ෂණ අංක තහඩුව මගින් මෝටර් රථයේ ලියාපදිංචි විස්තර ලබාගැනීමට හැකි වනවා.

එමෙන්ම වාහන අනතුරු හා අපරාධවලට සම්බන්ධ වාහන පිළිබඳ තොරතුරුද ලබාගැනීමට හැකියි.


Comments

comments

Loading...

Leave a Reply

Top